Local

ආණ්ඩුවට සහාය දෙන බව කියමින් සජිත්ගෙන් නිවේදනයක්..

Sunday, 17 November 2024 - 9:51 am

පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ප්‍රජාතන්ත්‍රවාදය මූලික කොටගත් සියලු පුරවැසි අයිතීන් සුරැකෙන සමාජ සාධාරණත්වය සුරක්ෂිත වන යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබාදිය හැකි උපරීම සහය ලබාදීමට සූදානම් සමගි ජන බලවේගය පවසයි.

එම පක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක මේ බව දැක්වෙයි.

ගරු සරු රටක් වෙනුවෙන් කැපවෙමු.

ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 10 වැනි පාර්ලිමේන්තුව සඳහා මහජන නියෝජිතයන් තෝරා පත්කරගැනීම වෙනුවෙන් පැවති මහ මැතිවරණයේ දී බහුතර ආසන ප්‍රමාණයක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ, ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට අපගේ අවංක සුබ පැතුම් එක් කර සිටින්නෙමු.

ඒ අනුව ශ්‍රී ලාංකේය ජනතාව බලාපොරොත්තු වන යහපත් රාජ්‍ය පාලනයක් සඳහාත්, ජනතාවගේ සිතුම් පැතුම් ඉටුවන දේශයක් ගොඩනැගීම සඳහාත් අවශ්‍ය ශක්තිය, වත්මන් පාලනයට නොඅඩුව ලැබී තිබේ.

ඒ මගින් රටක් ලෙස අප මේ මොහොතේ මුහුණ දී සිටින දුෂ්කරතා ජය ගැනීමේ හැකියාව වත්මන් පාලනයට උදාවනු ඇත.

ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ, මෙරට ජනතාවට ලබාදුන් පොරොන්දු මත පිහිටා සිය ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල තම ධූර කාලය තුළ සාර්ථකව ඉටු කිරීම තමන් සතු අභියෝගය ලෙස ඔවුන් වටහාගෙන ඇති බව අපගේ විශ්වාසයයි.

එමගින් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබූ ලෙසටම, “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” මෙරට ලක්ෂ 220ක ජනතාව වෙනුවෙන් ගොඩනැගීමට හැකියාව උදාවේවායි සමගි ජන බලවේගය ලෙස අපි ප්‍රාර්ථනා කර සිටින්නෙමු.

එමෙන්ම, මෙරට ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ප්‍රජාතන්ත්‍රවාදය මූලික කොටගත් සියලු පුරවැසි අයිතීන් සුරැකෙන, සමාජ සාධාරණත්වය සුරක්ෂිත වන යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබාදිය හැකි උපරීම සහය ලබාදීමට සූදානම් බවද අවධාරණය කර සිටින්නෙමු.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා එදා විපක්ෂ දේශපාලඥයෙකු ලෙස ප්‍රකාශ කළ පරිදි ම, පැවති දේශපාලන බලවේග, තුනෙන් දෙකක බලය භාවිත කරමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කඩ කරන නීති සම්පාදනය කළ ආකාරය අමතක නොකරන ලෙස අපි වත්මන් රජයට ද සිහිපත් කරන්නෙමු.

මෙම තීරණාත්මක මැතිවරණයේ දී, සමගි ජන බලවේගය වෙනුවෙන් ඡන්ද 1,968,716 ලබාදී, පාර්ලිමේන්තු ආසන 40 ක් දිනා දෙමින් පක්ෂයේ ප්‍රතිපත්ති, වැඩපිළිවෙල සහ නායකත්වය විශ්වාස කළ ජනතාවටත්, පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් නන් අයුරින් උරදුන් සියළු පාර්ශ්වයන්ටත් මා ඇතුළු සමගි ජන සන්ධාන කණ්ඩායමේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටින්නෙමු.

ගරු සරු රටක් වෙනුවෙන් අවැසි දේශපාලන න්‍යායපත්‍ර සැකසූ අපි, සමගි ජන බලවේගය ලෙසින් හෙට දිනයේදීත්, මේ රටේ දරුවන් ප්‍රමුඛව, සියළු පුරුවැසියන්ගේත්, රටේත් අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් උත්තම ප්‍රජාතන්ත්‍රවාදී හර පද්ධතීන් රැක ගැනීමේ මෙහෙවර වෙනුවෙන්, දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කැපවන බව ලක්වාසී සියළු පුරවැසියන් වෙත අවධාරණය කරන්නෙමු.

විශ්වය තුළ ශ්‍රී ලාංකේය අනන්‍යතාව විශිෂ්ඨ ලෙස තහවුරු කිරීම සඳහා අපි එක්ව පියවර තබමු.

සජිත් ප්‍රේමදාස
නායක,
සමගි ජන බලවේගය / සමගි ජන සන්ධානය


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT