Local

රොට්වයලර් බල්ලකු ගන්නවා කියා බැංකු ගිණුමට රිංගා සල්ලි ඇදලා

Friday, 26 January 2024 - 8:01 am

කලිනුත් අනුන්ගේ ගිණුම්වලින් සල්ලි අරන්

සැකකරු රිමාන්ඩ් බාරයේ ඉන්නවාදැයි බලන්න නියෝග

 

⁣රොට්වයලර් වර්ගයේ බලු පැටවකු මිලදී ගැනීම සඳහා මුදල් තැන්පත් කිරීමට බව පවසා ගිණුමේ විස්තර ලබා ගෙන රුපියල් 1,213,000 මුදලක් එම ගිණුමෙන් ලබා ගෙන වංචා කළේ යැයි කියන අයකු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින්නේ නම් ඒ පිළිබඳව සොයා බලා ලබන මාර්තු මස හය වන දින අධිකරණයට වාර්තා කරන ලෙස මහර අතිරේක මහේස්ත්‍රාත් ජනිතා පෙරේරා මහත්මිය මහර බන්ධනාගාරයේ නිලධාරින්ට නියම කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආර්. පී. සුපුන් රාජිත රාජපක්ෂ නොහොත් ඉෂාර යන අයට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි. පැලහැල, දොම්පේ ප්‍රදේශයේ පදිංචි ඒ. ඒ. සඳුන් මධුවන්ත යන අය පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට කළ පැමිණිල්ල විමර්ශනය කර සැකකරුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකක⁣යේ සැරයන් (71453) ඩි. එම්. ඒ. කුමාර මහතා වැඩිදුර වාර්තාවක් මගින් පැමිණිල්ල ඉදිරිපත් කරමින් රොට්වයලට් වර්ගයේ බලු පැටවකු මිලදී ගැනීම සඳහා මුදල් තැන්පත් කිරීමට පවසා ගිණුමේ විස්තර ලබා ගෙන මෙම මුදල් වංචාව සිදු කර ඇති බව සඳහන් කළේය.මෙම සැකකරු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින බවට ලැබුණු තොරතුරක් මත මොහු මෙම අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කළ ඉල්ලීමට මහර අතිරේක මහේස්ත්‍රාත්වරිය මහර බන්ධනාගාර නිලධාරීන්ට කළ නියෝගය මත මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සැරයන්වරයා පැවසුවේය.

මෙම සැකකරු පරිගණක භාවිතා කරමින් පුද්ගලයන් රවටා ඔහුන්ගේ බැංකු ගිණුම්වල මුදල් වංචා කිරීමේ සිදුවීම් රැසක් සිදු කර ඇති බවට වාර්තා වී ඇති අතර මෙම සැකකරු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින්නේ නම් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝ ඔහු ගැන තොරතුරු ඉදිරිපත් කරන ලෙසට මහර බන්ධනාගාරයේ නිලධාරින්ට නියම කරන ලෙස සැරයන්වරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ ඉල්ලා සිටියේය. කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළාය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT