Local

ජොන්ස්ටන් ජාත්‍යන්තරයත් තැති ගන්නයි.. BMW රථය එංගලන්තයෙන් සොරකම් කල එකක්…

Thursday, 24 October 2024 - 9:09 am

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලියාපදිංචි නොකර නීති විරෝධීව භාවිතා කර බවට චෝදනා එල්ල වූ සුඛෝපභෝගී මෝටර් රථය එංගලන්තයේදී සොරකම් කළ එකක් බව හෙළිව තිබේ.

අධිකරණය හමුවේ කරුණු වාර්තා කළ විමර්ශණ නිලධාරීන් පැවසුයේ අදාල රථයේ කැසි අංකය ජාත්‍යන්තර දත්ත පද්ධතිය හරහා පරීක්ෂා කිරීමේදී මෙම රථය එංගලන්තයේදී 2021 වසරේ සොරකම් කරන ලද එකක් බවයි.

අදාළ රථය ළඟ තබා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඔක්තෝබර් මස තිස් වැනි දක්වා රක්ෂිත බන්ධනාගාර කරන ලදී.

අදාළ වාහනය සොරා ගන්නා ලද අංක තහඩුවක් සමග භාවිතා කර ඇති බවත් එය මෙරටට ආනයනය කල එකක් නොවන බව රේගුවේ දත්ත පද්ධතිය හරහා හෙළිව ඇති බවත් විමර්ශන නිලධාරින් අධිකරණයට කරුණු වාර්තා කළේය.

කෙසේ වෙතත් සැකකාර ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නීතිඥයා අධිකරණයේදී කියා සිටියේ මෝටර් රථය එංගලන්තයෙන් සොරකම් කරන ලද බව පැවසුවත් එම සොරකමට තම සේවා දායකයා සම්බන්ධ බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැති නිසා ඔහුට මුල්‍ය විශුද්ධිකරණ පනත යටතේ චෝදනා ගොනු කළ නොහැකි බවය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT