Local

පෝලන්ත ජාතිකයා පානදුරේ දී මුහුදට බිලි

Sunday, 21 January 2024 - 11:20 am

පානදුර මුහුදු තීරයේ දිය නෑමට ගිය පෝලන්ත ජාතිකයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත් ව තිබේ.

ඊයේ (20) සවස් කාලයේ දී එම අනතුරෙන් මිය ගොස් ඇත්තේ, 61 හැවිරිදි පෝලන්ත ජාතිකයෙක් බව පොලීසිය පවසයි.

මෙම විදෙස් ජාතිකයා පානදුර – දකුණ පොලිස් වසමේ පිහිටි හෝටලයක නවාතැන්ගෙන සිට ඇති අතර, පානදුර මුහුදු තීරයේ දිය නෑමට ගොස් ඇත.

එහි දී පෝලන්ත ජාතිකයා දිය වැලකට හසු වී ගසාගෙන යමින් සිටිය දී එම හෝටලයේ ජිවිතාකරක්ෂක නිලධාරීයා විසින් ගොඩට ගෙන පානදුර රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පානදුර දකුණ පොලිසිය විසින් සිදු කරයි.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT