Local

වසර 82 කට පසුව කොළොන්නාව නගර සභාව අලුත් වෙයි

Monday, 15 January 2024 - 9:48 pm

වසර 82 කට පසු කොළොන්නාව නගර සභාව පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කර ති‌බෙයි.

කොළොන්නාව  නගර සභා ගොඩනැගිල්ල  ඉදිකිරිම  සදහා  මුල් ගල තබන ලද්දේ 1939 වර්ෂයේ අප්රේල්  26 වැනිදාය.

ඒ එවකට නගර සභාවේ සභාපති වරයා වු ඩි. ඒ. ජේ. තුඩුගල මහතා විසිනි.

ඉදි කරන ලද ගොඩනැගිල්ල  විවෘත කරන ලද්දේ  1941 සැප්තැම්බර්  26 වැනිදාය. ඒ එවකට රජයේ ස්වදේශ කටයුතු  අමාත්‍යවරයා වු එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක  මහතා විසිනි.

එවක සිට මේ දක්වාම නගර සභාවේ රැස්විම්  පැවැත්විම   පරිපාලන  කටයුතු සිදු කිරිම් සහ ජනතාවගේ එදිනෙදා රාජකාරි කටයුතු සිදු කෙරුණේ ද මෙම ගොඩනැගිල්ල  තුළය.

වරින් වර නඩත්තු කිරීම් සිදු කළ ද පුර්ණ ප්‍රතිසංස්කරණය කිරීමකට ලක් වී නොතිබුණි

මේ අනුව ලේකම් නෙලුම් කුමාරි මහත්මියගේ අධික්ෂණය  යටතේ ප්‍රතිසංස්කරණ  කටයුතු සිදු කිරිමෙන් අනතුරුව  සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් සහ දානමය පිංකමක් පැවැත්විමෙන් පසු නව වසරේ රාජකාරි  ආරම්භ කරනු ලැබිය .

මේ අතර රාජකාරී කටයුතු කර ගැනීමට දිනපතා පැමිණෙන අය වෙනුවෙන් දිනපතා තේ ,බෙලිමල් ,රණවරා ,නෙස්කැෆේ සංග්‍රහ කිරීමට ද ආයතන පරිපාලනය කටයුතු කර තිබෙයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT