Local

දඹුල්ල ආර්ථිකයේ එළවළු මිල වේගයෙන් බහී

Wednesday, 03 April 2024 - 8:22 am

කැරට් කිලෝව රු. 200යි

බෝංචි රු. 80යි

බණ්ඩක්කා රු. 40යි

රාබු රු. 30යි

මේ වන විට දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල සීඝ්‍රයෙන් පහළ බැස තිබේ.

යාපනයේ වගා කරන ලද එළවළු අස්වනු ලැබීමත් සමඟ පසුගිය සති කිහිපයේ දී ඉහළ මිල ගණන් පැවැති එළවළු මිල පහළ බැස ඇති බව දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෝ පවසති.

බණ්ඩක්කා කිලෝවක මිල රුපියල් 40ක්, නෝකෝල් කිලෝවක් රුපියල් 60ක් පිපිඤ්ඤා කිලෝවක් රුපියල් 30ක් රාබු කිලෝවක් රුපියල් 30ක් වැනි තොග මිල ගණන්වලට ඊයේ දින අලෙවි වූ බව ව්‍යාපාරිකයෝ පවසති.

මේ හැරුණු කොට පසුගිය කාලයේ කිලෝව රුපියල් 2000 දක්වා ඉහළ ගිය කැරට් කිලෝවක් රුපියල් 200ක් ද ලීක්ස් කිලෝවක් රුපියල් 200ක් ද අමු මිරිස් කිලෝවක් රුපියල් 180ක් ද, බෝංචි කිලෝ රුපියල් 80ක් ද ගෝවා කිලෝවක් රුපියල් 100 කටද අලෙවි වූ බව වෙ‍ෙළන්දෝ පවසති.

මේ දිනවල උඩරට හා පහතරට මෙන්ම යාපනයේ එළවළු වෙ‍ෙළඳපළට ලැබීම හේතුවෙන් මිල ගණන් පහත ගොස් ඇති අතර ඉදිරියේ දී සිංහල දෙමළ මුස්ලිම් අවුරුදු සමයේ දී එළවළු මිලෙහි විශාල ලෙස වැඩිවීමක් අපේක්ෂා කළ නොහැකි බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෝ සඳහන් කරති


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT