Local

දිවංගත විජය කුමාරතුංග මහතාගේ 36 වැනි ගුණ අනුස්මරණ උළෙල පෙබරවාරී 16 වන දින කොළඹ නවනගර ශාලාවේදී

Wednesday, 14 February 2024 - 3:49 pm

මානව හිතවාදියෙකු, කලාකරුවෙකු අභීත නායකයෙකු වූ දිවංගත විජය කුමාරතුංගයන්ගේ 36 වැනි ගුණ සමරුව පෙබරවාරි මස 16 වැනි දිනට යෙදී ඇත. ඒ නිමිත්තෙන් පැවැත්වෙන  'නවම් විරු සැමරුම' උළෙල පෙබරවාරි මස 16වන දින ප.ව. 2.00 ට කොළඹ නව නගර ශාලාවේදී පැවැත් වේ. මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද(14)පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත් විණි.

මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමින් මාදංගම අස්සජි නාහිමියන් විසින් මෙම ගුණානුස්මරණ උළෙලේදී සමරනු ලබන දේශපාලන නායකයන් ශ්‍රී ලංකා මහජන පක්ෂය ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂ වීම නිසා දේශපාලන ඝාතනවලට ගොදුරු වූ බව ප්‍රකාශ කරන ලදී. එතුමාගේ සුප්‍රසිද්ධ රංගන භූමිකාවත්, ගායන භූමිකාවත්, මානව හිතවාදී ගුණයෙන් පිරුණු එතුමාගේ දේශපාලනික භූමිකාවත් නිසා ජීවමානව එතුමාව නොදුටු පිරිස් පවා විජය කුමාරතුංග ගුණානුස්මරණ සැමරුම් උත්සව සිදු කරයි. මෙරට උතුරු නැගෙනහිර ප්‍රශ්නයේදී, රට නොබෙදිය යුතු බවට ඍජු ස්ථාවරයක සිටිමින් සියලුම ජනතාවට සමානාත්මතාවයෙන් යුක්ත බලය බෙදීමේ වැඩපිළිවෙලක් සඳහා වන දේශපාලනික දැක්මකින් හා අධිෂ්ඨානයකින් කුමාරතුංග මහතා කටයුතු කළේය. එතුමා අවියෙන් නොව සාකච්ඡා මට්ටමින් මෙම ගැටලු විසඳා ගැනීමේ ඒකායන අපේක්ෂාවකින් නොබියව හා අධිෂ්ඨානශීලීව කටයුතු කළ දේශපාලනික නායකයෙකි. අද ඔහු ජීවමානව නොමැති වුවත් ඔහුගේ දර්ශනය අනුගමනය කරමින් එදා රට බෙදන්නට අවිගත් පිරිස් සමඟ අද අපි සාමය හා සහජීවනයෙන් යුක්ත යම්කිසි දේශපාලන තීන්දුවක් කරා යාමේ වැඩපිළිවෙලකට සාකච්ඡා කරමින් සිටින්නෙමු. මෙවර විජය කුමාරතුංග සංස්කෘතික සංසදයත්, ජාතික මහජන සහෝදර සංසදයත් එකමුතුව විජය කුමාරතුංග මහතාගේ දර්ශනය, සංකල්පය සමාජගත කිරීමේ එක් පියවරක් ලෙස මෙම ගුණ සැමරුම පැවැත්වීමට නියමිතය.

01 5

විජය කුමාරතුංග මහතාගේ දේශපාලනික දර්ශනයේ පවතින සර්වකාලීනත්වය පිළිබඳව අගයමින් සාකච්ඡාවේදී අදහස් පළ කළ පද්මසිරි කොඩිකාර මහතා, මෙරට දේශපාලනය තුළ දකින්නට ලැබුණ වඩාත් සාධනීය දේශපාලනික දැක්මක් වශයෙන් හඳුන්වා දෙන ලදී. යාපනයේ ගොවියන්ගේ ප්‍රශ්නයේදී වෙනත් කිසිඳු අයෙකු අනුගමනය නොකළ පිළිවෙතක් අනුගමනය කරමින් යාපනයේ ගොවියන් සොයා යමින් ඔවුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කිරීම සිදු කළේය. විජය කුමාරතුංග කියන දාර්ශනිකයා ප්‍රශ්න කතා කළ අයෙක් නොවෙයි. ඔහු හැමදාම ප්‍රශ්නයකට විසඳුමක් දුන් මිනිසෙකි.

විජය කුමාරතුංග ගුණ සැමරීම නිමිති කරගෙන දිවයින පුරා විවිධ උත්සව සංවිධානය කර තිබෙන අතර මෙම සැමරීම් දිනෙන් දින වර්ධනය වන්නේ විජය කුමාරතුංග චරිතයේ වටිනාකම තවතවත් වැඩි වීම නිසා බව පද්මසිරි කොඩිකාර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

02 4

 

විජය කුමාරතුංගයන් තම දේශපාලන මතය වෙනුවෙන් නොබියව තමන්ට පෞද්ගලික කැලලක් හෝ තම ප්‍රතිරූපයට වන හානිය ගැන නොසිතා සෘජුව එඩිතරව ක්‍රියා කල ඉතාම වටිනා චරිතයක් බව රංගන ශිල්පී අනුර ශ්‍රී නාත් මහතා ‍පැවසීය.විජය කුමාරතුංග මහතාගේ 36 වැනි ගුණසමරු වැඩසටහන් පිළිබඳව අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

03 8

උතුර සහ දකුණ ගිනිගත් යුගයක විජය කුමාරතුංගයන් තම දේශපාලන මතය ලාංකීය තලයට ගෙනා බව කී ඒ මහතා විජය කුමාරතුංගයන් කිසිදු දිනක ජාතිවාදය අවුස්සා තම ඡන්දය වැඩි කර ගැනීම සඳහා ක්‍රියා නොකල බවත් උතුරේ මෙන් දකුණේ ජනතාවට එක ලෙස ආමන්ත්‍රණය කල බවද කීය.

විශේෂයෙන් කුමාරතුංග මහතා, තම රජයක් යටතේ ඊළම නොදෙන බවත් දමිළ ජනතාවගේ ගැටළු සඳහා සැබෑ විසඳුමක් ලබා දෙන බවට සැබවිටම පැවසු බව අනුර ශ්‍රී නාත් මහතා ‍කියා සිටියේය.

ඒසේම ඒතුමාගේ දේශපාලන ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට යම් කිසි කඳවුරක් සූදානම් වනවාද? ඔවුනට කොන්දේසි විරහිතව තම කණ්ඩායමේ සහයෝගය ලබා දෙන බවද ඒ මහතා වැඩි දුරටත් සඳහක් කලේය.

එසේම කුමාරතුංගයන්ගේ 36 වැනි ගුණ සැමරුමට සමගාමීව ජාතික මහජන සෞඛය සංසදයේ නවම් විරු සැමරුම තුළින් කුමාරතුංගයන්ගේ අරමුණ වෙනුවෙන් දිවි පිදූ 117ක් වෙනුවෙන් ගුණ සැමරීමක් සිදු කරන අතර සමස්ථ ලංකා මට්ටමින් පැවැත්වූ විජය ගී තරුව තෙරීමේ තරඟයේ අවසාන වටය සහ සම්මාන උළෙල පැවැත්වීමට කටයුතු යොදා ඇතැයිද කීය .

මෙහිදී අදහස් දැක්වූ රංගන ශිල්පී සරත් දික්කුඹුර මහතා පැවසුවේ , විජය කුමාරතුංගයන් නොදැකපු පිරිසක් ඔහුගේ චින්තනය පිළිබඳව කතා කරන බවත් එතුමා නිතරම සත්‍ය පැත්ත ගත් බවත් එදා එතුමා එදා ගත් තීරණවලට එළඹිමට දැන් අපට සිදුවී ඇති බවත්ය.

විජය කුමාරතුංගයන් ඉතාම ශ්‍රේෂ්ඨ කලා කරුවෙක් බව කී මහතා , වසර 36 ගියද මේ රංගධරයා , ගායකයා මෙන්ම චින්තනවාදියාට මිනිසුන් ආදරය කරන බවත් එනිසාම මිනිසුන් එකතුවී ඔහුගේ මෙම චින්තනය කලාවට තිබුණු ගුණය ඉදිරියට ගෙන යාමට වැඩසටහන් සංවිධානය කර ඇති බවද කීය.


Top Stories
wedivistara

වැලිවේරියේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබයි

wedivistara

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

අපරාධ සැකකරුවකුගේ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමේ බලපෑම

wedivistara

පොලිස්පති ඉන්න තැන ගැන නියෝජ්‍ය ඇමතිතුමා දන්නවා කිව්වානේ, ඇයි අපෙන් අහන්නේ? - නාමල්

wedivistara

අද කාලගුණ නි‍වේදනය

Trending
wedivistara

අනුරාධපුර රෝහලේ 'රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරියක' දූෂණයට ලක් කිරීම ගැන විමර්ශනයක්

wedivistara

අධිවේගී මාර්ගයට යළිත් STF යෙදවීමට පියවර

wedivistara

ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව සුබ පතනවා - IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය

wedivistara

දේශබන්දුයි, සෙව්වන්දියි ඉන්න තැන වටගල දන්නවා නම්, ඇයි අත්අඩංගුවට ගන්නේ නැත්තේ? - අජිත් පී. පෙරේරා

wedivistara

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව කොළඹ වාහන දුම් පරීක්ෂා කිරීම සම්බන්ධ වැටලීම් අද සිට

wedivistara

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි


NEWS ALERT