Local

ජා-ඇළ බැංකු කොල්ලය - සොරාගත් රන් භාණ්ඩ සොයා ගනී

Wednesday, 29 May 2024 - 6:54 am
Breaking News

ජා-ඇළ කණුවන සමුපකාර ග්‍රාමීය බැංකුවේ සේප්පු කපා රුපියල් කෝටි 02කට ආසන්න පවුම් 292.3ක් බරැති රන් භාණ්ඩ තොගයක් සහ රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදල් සොරාගත් පුද්ගලයා පැය 48ක් යෑමට මත්තෙන් කොල්ලුපිටිය ප්‍රසිද්ධ සමාජ ශාලාවක් අසලදී හොරයින් මත්කුඩු මිලිග්‍රෑම් 11,200ක් සමඟ අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිත් ජයසේකර මහතා ඇතුළු නිලධාරීහු සමත් වූහ.

වෙන්නප්පුවේ පිහිටි ග්‍රාමීය බැංකුවක් ද මේ ආකාරයට බිඳ රුපියල් කෝටි 06ක රන් භාණ්ඩ සහ රට පුරා තැපැල් කාර්යාලවල සේප්පු කපා ඇත්තේ ද මෙම පුද්ගලයා විසින්ම බව විමර්ශනයේදී හෙළි වී තිබේ. එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම බැංකුවෙන් සොරාගෙන තිබූ ගනුදෙනුකරුවන් 500කට ආසන්න ප්‍රමාණයකගේ රන් භාණ්ඩ තොගයත් සේප්පු කැපීමට යොදාගත් ගයින්ඩරය, අඬු, මිටි, තල හා විදුලි පන්දම සහ එදින ඇඳ සිටි ඇඳුම් පැලඳුම් ද සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇත. ඊට අමතරව සැකකරු එම සොරකම සඳහා යෑමට යොදාගත් සුඛෝපභෝගි මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇත. ඉකුත් 25 වැනිදා ජා-ඇළ කණුවන ග්‍රාමීය බැංකුවේ කළමනාකාරිණිය දින දෙකකට පසු බැංකුව විවෘත කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී බැංකුවේ පැති බිත්තියක් අඩි එකහමාරක පමණ විෂ්කම්භයකින් හාරා කිසියම් සොර කණ්ඩායමක් ඇතුළට පැමිණ සේප්පු කපා රන් භාණ්ඩ ඇතුළු දේපොළ සොරාගෙන ගොස් ඇති බවට ජා-ඇළ පොලිසියට පැමිණිලි කර තිබිණි. අදාළ සොරකම සම්බන්ධයෙන් පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී වී.පී.ජේ. පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත විමර්ශන ආරම්භ කළ එහි වැඩබලන ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිත් ජයසේකර මහතා ඇතුළු නිලධාරීන් කීපදෙනකු අදාළ ග්‍රාමීය බැංකුව වෙත ගොස් ස්ථාන පරීක්ෂණ සිදු කර තිබේ. එහි බිම වැටී තිබූ සේප්පු කැපීමට ගයින්ඩරේට යොදාගත් තල සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ එම නිලධාරීන් එම තල චීනයෙන් මෙරටට ගෙන්වන දෙල්ගොඩ ප්‍රදේශයේ අදාළ ආයතනය වෙත ගොස් එහි සහාය ද ලබාගෙන ඉතාමත් සංකීර්ණව කෙටි කාලයක් තුළ විමර්ශන කඩිනමින් සිදු කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව රාගම ප්‍රදේශයේ වෙළෙඳ ආයතනයකට ආරක්ෂිත කැමරා පරීක්ෂා කිරීමේදී පුද්ගලයකු මෝටර් රථයකින් අවස්ථා තුනකදී පැමිණ ගයින්ඩර්වලට යොදා ගන්නා තල, අත්වැසුම් අඩු හා මිටි ආදිය මිල දී ගන්නා අයුරු සටහන්ව තිබෙන අයුරු පොලිස් නිලධාරීන්ගේ නෙත ගැටී තිබේ. ඒ අනුව එම පුද්ගලයා පැමිණි මෝටර් රථයේ ලියාපදිංචි අංකය සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වී තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස බොරලැස්ගමුව ප්‍රදේශයේ නිවෙසකට ගොස් එම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු සෙවීමේදී කොළඹ ආශ්‍රිත රාත්‍රී සමාජ ශාලාවල නිරතුරුවම ගැවසෙන්නකු බවට අනාවරණය වී තිබේ. ඒ අනුව සමාජ ශාලා කිහිපයක් අසල අදාළ මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඇතිව රැකවල්ලා සිටි පොලිස් නිලධාරීන් කොල්ලුපිටිය ප්‍රසිද්ධ සමාජ ශාලාවක සිට පිටතට පැමිණෙමින් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ජා-ඇළ කණුවන ග්‍රාමීය බැංකුවේ සේප්පු කඩා සොරාගත් රන් ආභරණ තොගය ඔහු නවාතැන්ගෙන සිටින රාගම හොරපේ ප්‍රදේශයේ කාමරයක ඇඳ යට සහ කබඩ් එකක් තුළ තබා තිබෙන බව අනාවරණය කරගෙන තිබේ. එහි ගිය පොලිස් නිලධාරීන් විසින් සොරාගත් රන් ආභරණ තොගය සොයා ගැනීමට සමත් වී ඇත.

එම කාමරයේම පසෙක ග්‍රාමීය බැංකුවේ සේප්පුව කැඩීමට යොදාගත් ආම්පන්න තොගය සහ එදින ඇඳ සිටි ඇඳුම් ද තිබී පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී එම රන් ආභරණ තොගයෙන් සුළු ප්‍රමාණයක් පිටකොටුව හෙට්ටිවීදියේ රන් ආභරණ වෙළෙඳසල් කීපයකට විකුණා ඇත. රුපියල් ලක්ෂ 24ක මුදලක් එම රන් භාණ්ඩ විකුණා ලබාගෙන අයිස් මත්ද්‍රව්‍ය පානය කර ඉතිරි මුදල් කැසිනෝ ක්‍රීඩාවට වැය කළ බව සැකකරු ප්‍රකාශ කළ බව පොලිසිය කියයි.

ග්‍රාමීය බැංකුවේ සේප්පු කැපීම සඳහා බැංකුවේ පැති බිත්තිය ඉකුත් 22 වැනි දින සවස 5.30ට පමණ වර්ෂාව පැවතියදී කඩා බැංකුව තුළට ඇතුළු වී 24 වැනි දින අලුයම් කාලය වනතෙක් එහි රැඳී සිට සේප්පු තුනම ග්‍රයින්ඩරයෙන් කපා රන් භාණ්ඩ සොරාගත් බව සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.

සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ 2023 සැප්තැම්බර් මස 27 වැනි දින වෙන්නප්පුව මනම්පිටිය සමුපකාර ග්‍රාමීය බැංකුවේ ජනේලයේ ග්‍රිල් කපා ඇතුළු වී මේ ආකාරයෙන්ම සේප්පු කපා රුපියල් කෝටි 06කට අධික වටිනාකමක් ඇති රන් භාණ්ඩ සොරකම සිදු කර ඇත්තේ ද මොහු විසින් බවය. එම රන් භාණ්ඩ විකුණා ලබාගත් මුදල්වලින් රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට කොළඹ වාහන අලෙවිසලකින් මෝටර් රථය මිල දී ගෙන ඇති බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සොයාගත් මෝටර් රථය එය බවත් පොලිසිය කියයි.

ඊට අමතරව 2022 හා 2024 වසර ඇතුළත ජා-ඇළ වැලිසර, රාගම මහභාගයේ කඩවත, තැපැල් කාර්යාල, සතොස ආයතන, තැපැල් කාර්යාල හා පීසා හට් වැනි ආයතනවල සේප්පු කපා මුදල් සොරාගෙන ඇත්තේ මෙම සැකකරු බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි. එකම සොරකමකටවත් මෙම සැකකරු පොලිස් අත්අඩංගුවට පත්නොවී නිදැල්ලේ සැරිසරමින් සුඛෝපභෝගි ජීවිතයක් ගත කරමින් දැඩිව කැසිනෝ ක්‍රීඩාවට, තුරඟ තරග ක්‍රීඩාවට මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව ඇති බව පොලිසිය සඳහන් කරයි.

37 ඇවිරිදි සැකකරු කැස්බෑව මඩපාත කහපොළ පදිංචිකරුවෙකි. පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි වී.පී.ජේ. පුෂ්පකුමාර, සහකාර පොලිස් අධිකාරි ජනක කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිත් ජයසේකර, උප පොලිස් පරීක්ෂක සමරජීව, පොලිස් සැරයන්වරුන් වන (14704) හේරත්, (9377) දයාරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන (39088) අමිල, (82086) මැද්දකැටිය, (20732) ලක්ෂාන්, (82728) මනෝජ්, (81534) අභයකෝන්, (20145) මිහිරාන්, (21212) ඩෙල්ශ, (98512) ප්‍රභාත්, (10545) අෂාන්, කාන්තා පොලිස් කොස්තාපල් (12159) මදුෂිකා යන මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ


Top Stories
wedivistara

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අතර මාර්ගගත හමුවක්

wedivistara

මමත් මේ පාර පළාත් පාලන මැතිවරණයට තරග කරනවා - චමල් රාජපක්ෂ

wedivistara

අමෙරිකානු ගායක Aloe Blacc මෙරටට පැමිණෙයි

wedivistara

බටලන්ද වදකාගාරය ගැන විධිමත් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා CIDයට පැමිණිල්ලක්

wedivistara

කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අනතුරකින් 09ක් තුවාල ලබයි

wedivistara

බාල වයස්කාර දැරියක් ජෝර්දානයේ මෙහෙකාර සේවයට යැවූ පුද්ගලයෙකුට වසර 12ක සිර දඬුවමක්

Trending
wedivistara

අපේ වගේ නෙමෙයි, Al Jazeera පැය දෙකක් විතර අරගෙන පැයයි දාලා තියෙන්නේ හොද කරුණු නෑ. - රනිල් මාධ්‍යයට කියයි

wedivistara

සෞඛ්‍ය ඇමති සමඟ සාකච්ඡාවෙන් පසු වර්ජනය තාවකාලිකව අත්හිටුවන ලදී.

wedivistara

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්

wedivistara

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩ වර්ජනය කල් දමයි

wedivistara

දේශබන්දු පිළිබඳ තොරතුරක් ඇතොත් CID වෙත දැනුම්දෙන්​න - පොලීසිය

wedivistara

වසර හතකට පසු කළමනාකරණ නිලධාරීන් බඳවා ගැනීමට පියවර


NEWS ALERT