Local

මෙතෙක් පැවති COP සමුළු එකඟතා සහ සම්මුති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් සැකසීම ජනපතිගේ අපේක්ෂාවයි – පරිසර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල

Tuesday, 28 November 2023 - 5:08 pm

මෙතෙක් පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවල (COP) අතිකරගත් එකඟතා සහ සම්මුති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමේ ප්‍රමුඛ අපේක්ෂාවෙන් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා ධූත පිරිස මෙවර ඩුබායිහී පැවැත්වෙන සමුළුව සඳහා සහභාගී වන බව පරිසර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ස්වභාවික සම්පත් ආර්ථික කටයුතු සඳහා යොදා ගැනීමේ දී මෙන්ම පරිසරය සම්බන්ධ සෑම ක්‍රියාකාරකමක්ම විධිමත් මෙන්ම සැලසුම් සහගත විද්‍යාත්මක පදනමක් තුළ සිට කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අමාත්‍යවරයා සිදුවන සුළු අතපසුවීමක් මහා විනාශයකට හේතුවිය හැකි බව ද අවධාරණය කළේය.
පරිසර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය,
පරිසරය සහ සංවර්ධනය තුලනය කරගන්නේ කෙසේ ද යන්න පිළිබඳව අප අවධානය යොමු කළ යුතු වනවා. සීමා සහිතව පවතින අපගේ පරිසර පද්ධතිය තුළ දැවැන්ත සම්පත් ප්‍රමාණයක් තිබෙනවා. මැණික් සහ ඛණිජ ද්‍රව්‍යය ආදිය ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජනයට ගන්නා විට සිදුවන්නා වූ පාරිසරික සහ සාමාජීය ගැටළු සඳහා මුහුණ දෙන්නේ කෙසේ ද යන්න පිළිබදව ද නිවැරදි අධ්‍යයනයක යෙදිය යුතුයි. ඊට අදාළ අපගේ පරිසර වැඩපිළිවෙල විධිමත් මෙන්ම සැලසුම් සහගත විද්‍යාත්මක පදනමක් තුළ සිදු කළ යුතුයි. එසේ නොමැතිව සිදුවන සුළු අඩුපාඩුවකින් සියල්ල නැති විය හැකියි. එය මිලියන විසි දෙකක ජනාතාවට පමණක් නොව නූපන් දරු පරපුරට ද බලපාන බව අප මතකයේ තබාගත යුතුයි.
ස්වාභාවික පරිපර පද්ධති ආරක්ෂා කරගැනීම මෙන්ම දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් මේ වන විට ගෝලීය අවධානය යොමු වී තිබෙනවා. ලෝක නායකයන් රැසක් පෙර නොවූ විරූ ලෙස ඒ පිළිබඳව උනන්දු වෙනවා. එහි තවත් සුවිශේෂි කටයුත්තක් ලෙස 2023 දෙසැම්බර් 04 වනදා ඩුබායි එක්ස්පෝ සිටිහිදී, පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුව (Cop-28) හඳුන්වා දිය හැකියි. ඒ සඳහා ලෝක නායකයින් 136 දෙනෙකු පමණ සහභාගී වීමට නියමිතයි.
පෘතුවියේ පවතින දේශගුණික විපර්යාසයන් පිළිබඳව මුළු ලෝකය අවධානය යොමු කර ඇති බව මෙයින් තහවුරු වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත මණ්ඩලයක් ද මේ සඳහා සහභාගී වනවා. එහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධාන ඉලක්කය වී තිබෙන්නේ මෙතෙක් පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවල (COP) ඇතිකරගත් එකඟතා සහ සම්මුති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරිමයි. එසේම දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් තීරණාත්මක යෝජනා කිහිපයක්ම කෙරෙහි ලෝක නායකයන්ගේ අවධානය යොමු කරවීමට ද ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතියි.
එමෙන්ම නිසි ප්‍රමිතියට නොමැති ඖෂධ සම්බන්ධයෙන් පසුගිය සමයේ විවිධ චෝදනා එල්ල වුණා. එහිදී ලැබුණු පළමු පැමිණිල්ල අවස්ථාවේම ක්‍රියාත්මක වී අදාළ ඖෂධ සඳහා අනුමැතිය ලබාගත් ආකාරය ජාතික ඖෂධ නියාමන අධිකාරිය හරහා සොයා බැලුවා. එහිදී අනාවරණය වූයේ ව්‍යාජ සටහන් ඉදිරිපත්කර එම කටයුතු සිදුකර ඇති බවයි. එය වාර්තා වූ සැණින් මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ පිළිබඳව මේ වන විට අධිකරණ ක්‍රියාවලියක් සිදු කෙරෙනවා. මා විසින් සිදුකළ පළමුවෙනි පැමිණිල්ලෙන් පසුව විවිධ කණ්ඩායම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම ආරම්භ කළා. ඒ නිසා විවිධ පාර්ශව එල්ල කරන විවිධ චෝදනා මම ප්‍රතිකේෂ්ප කරනවා. වැරදිකරුවන් කව්ද යන්න අධිකරණය විසින් තීන්දු කරයි.


Top Stories
wedivistara

රනිල් ගම්පහ වැඩි ඡන්ද ලක්‍ෂ තුනහමාරට වැඩියෙන් දිනනවා..

wedivistara

අයි.එම්.එෆ්. එරෙහි වැඩපිළිවෙළක් ඇත්තේ කුඩය ලකුණෙන් එන අපට විතරයි – ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ

wedivistara

අත්‍යවශ්‍ය ඖෂධ 40ක් රෝහල්වල හිඟයි

wedivistara

මාලිමාවේ ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් නෑ – සිංහල – දෙමළ – මුස්ලිම් – බර්ගර් – මැලේ අපි ඔක්කොම එකතුවෙලා ලස්සන රටක් හදමු – ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක

wedivistara

කාන්තා ව්‍යවසායිකාවන්ට දිලිත්ගෙන් සුබ පණිවුඩයක්

wedivistara

ගත්තු හැම ණය මුදලකටම වග කියන්න නාමල් සූදානමින්

Trending
wedivistara

තවමත් ලංකාව අර්බුදයේයි.. අමාරුවෙන් ලැබූ ජයග්‍රහණ රැකගැනීම වැදගත්… - IMF මාධ්‍ය හමුවක

wedivistara

සියළුම වාහන ආනයනයට අවසර ලැබේ..

wedivistara

IMF ගමන වැටුනොත් රට ලොකුම අමාරුවක වැටෙනවා.. මෙහෙම හරි දුවන්නේ IMF නිසයි..

wedivistara

අමාත්‍යංශ ලේකම්වරුන් හා පරිපාලන ජ්‍යෙෂ්ඨයන් රැසක් ගෙදර යති..

wedivistara

රනිල් වෙනුවෙන් මහා සංඝරත්නය මහින්දගෙන් කළ ඉල්ලීම

wedivistara

ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරන්න අනුර සුදානමින්


NEWS ALERT