අද (17) දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එසේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 02.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විමේ හැකියාව පවතිනවා.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවල ද, උතුරු, උතුරු-මැද, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 30-40 පමණ තරමක තද සුළං ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.