Local

ධීවර කර්මාන්තයත් සුහුරු කර්මාන්තයක් කරන සජිත්

Wednesday, 04 September 2024 - 4:55 pm

කරදිය සහ මිරිදිය ධීවර කර්මාන්තය තම රජයක් යටතේ සුහුරු කර්මාන්තයක් බවට පත්කිරීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පවසන්නේ, මෙරට මුහුදු සීමාවේ පවතින අනන්‍ය ආර්ථික කලාපය තුළ රාජ්‍ය පෞද්ගලික  ඒකාබද්ධ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගන්නා බවය.

පුත්තලම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.

'කරදිය සහ මිරිදිය ධීවර කර්මාන්තය සුහුරු කර්මාන්තයක් බවට පත්කරලා, නව ක්‍රමවේද, නව තාක්ෂණය ඔස්සේ මේ ධීවර කර්මාන්තය වැඩිදියුණු කරන්න අපි කටයුතු කරනවා. ඔබ දන්නවාද මේ වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 200ක් අපේ රටට අයිතියි. අනන්‍ය ආර්ථික කලාපය ඒ අයිතිය අපිට ලැබුණේ 80 දශකයේ. අපි අදහස් කරනවා අනන්‍ය ආර්ථික කලාපය රට වටේට තිබෙන රාජ්‍ය, පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති තුළින් තිරසර සංවර්ධනයකට යොමු කරලා, අපේ රටට අවශ්‍ය ඒ සම්පත්, ඩොලර් ටික ලබාගන්න අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය වැඩි දියුණු කරන්න, වී ගොවිතැනට අමතරව බෝග වගාව වැඩිදියුණු කරන්න ගොවිජන පද දියුණු කරලා, ස්මාර්ට් ගොවියා, ස්මාර්ට් ධීවරයා අපි බිහිකරනවා.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT