Local

ජනමත විචාරණයක්..- ජනපතිගෙන් ප‍්‍රකාශයක්..

Sunday, 06 October 2024 - 12:23 pm

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා (05) වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානායක දර්ශනපති අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

අමරපුර මහා නිකායේ ලේකම් මණ්ඩලයේ නායක ස්වාමීන් වහන්සේලාද එම අවස්ථාවට වැඩම කර සිටී අතර මෙහිදී උන්වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

අනතුරුව ජනාධිපතිවරයා, මහා නායක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සමඟ වත්මන් ආර්ථික, සමාජයීය හා දේශපාලන තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් කෙටි පිළිසඳරකට ද එක් විය.

එහිදී අමරපුර මහා නිකායේ මහානායක හිමිපාණන් වහන්සේ පෙන්වා දුන්නේ රටේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් ශක්තිමත් රාජ්‍යයක් ගොඩනගා ගත යුතු බවයි. එවිට ලෝකයේ ස්වාධීන රටක් ලෙස ශ්‍රී ලංකාවට නැඟී සිටිය හැකි බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මෙම අවස්ථාව දේශපාලනික වශයෙන් සංක්‍රාන්ති සමයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කළයුතු බොහෝ කාර්යයන් මැතිවරණයේදි හිමිවන පුර්ණ පාර්ලිමේන්තු බලය සමඟ මීට වඩා වේගවත්ව ක්‍රියාවට නැංවීම තම අරමුණ බවද පැවසීය.

මෙවර පශ්චාත් මැතිවරණ සමයේ දී කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවකට හෝ කලබලකාරිත්වයකට ඉඩ නොදෙමින් ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම රටට ලබාදුන් ආදර්ශය ද මෙහිදී මහා සංඝරන්යේ ඇඟයීමට ලක් කෙරිණි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ වත්මන් ජනාධිපතිවරයාට විරුද්ධව ආගම මුල් කර ගනිමින් අවලාද ව්‍යාපාරයක් ක්‍රියාවට නැංවීමට ඇතැම් කණ්ඩායම් සංවිධානාත්මකව ක්‍රියා කළ බව පෙන්වා දුන් මහා සංඝරත්නය එම ප්‍රකාශ සාවද්‍ය බව මේ වන විටත් තහවුරු වී තිබෙන බව පැවසීය. නමුත් මෙවන් අවලාද ව්‍යාපාර ඉදිරියේදී ද ඇතිවීමට ඉඩ ඇති බව පෙන්වා දුන් මහා සංඝරත්නය ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලය අනුව ජනතාව පෙන්වා දී ඇති බව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අපහාස සහ අවලාද වලින් තම කණ්ඩායම පිළිබඳ මවා තිබු චිත්‍රය සහ බිය මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව ප්‍රතික්ෂේප කළ බවත්, ඒවා සියල්ල ප්‍රවාද බව මේ වන විට තහවුරු වී තිබෙන බවත් කියා සිටියේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව ද මෙහිදී මහා සංඝරත්නය ජනාධිපතිවරයාගෙන් විමසා සිටියහ.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට තමන් අපේක්ෂා කරන බවයි. දීර්ඝ සාකච්ඡාවකින් සේම ජනමත විචාරණයකින් පසුව පමණක් එය සිදු කිරීම තම අපේක්ෂාව බවත්, පසුගිය රජයන් විසින් ඔවුන්ට අවශ්‍ය ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සිදු කළා මිස ජනතාවගේ එකඟතාව අනුව එය සිදු නොකළ බවත් පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් රට යම් මට්ටමකට ස්ථාවර කර ජනතාව විසින් අපේක්ෂා කරන ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT