Local

නවකවදය නැති කරන්න කාර්යසාධක බළකායක්

Friday, 06 June 2025 - 10:10 pm

සියලු විශ්වවිද්‍යාලවල නවකවද විරෝධී කාර්ය සාධක බළකා පිහිටුවා ස්ත්‍රී – පුරුෂ සමාජභාවය, සමානාත්මතාවය සහ සාධාරණත්වය සඳහා වන ස්ථාවර කමිටුව යටතේ ක්‍රියාත්මක අනු කමිටුවක් හරහා ඒවා අතර ජාලගත සම්බන්ධතා ගොඩනඟනවා යැයි අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙ‍ෙණවිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (04) ප්‍රකාශ කළාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඒ මහත්මිය මේ බව පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ආචාර්ය හරිනි අමරසූරිය මෙ‍ෙණවිය මෙසේ ද පැවසුවාය.

මේ යටතේ කිසියම් නවකවද සිද්ධියක් වාර්තා වූ අවස්ථාවක එම අදාළ කාර්යසාධක බළකාය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අදාළ නිලධාරීන්ට දැනුම් දෙන යන්ත්‍රණයක් ගොඩනඟා තිබෙනවා. ඒ වාගේම කාර්යක්ෂම පසුවිපරම් යන්ත්‍රණයක් ගොඩනඟන්නත් කටයුතු කර තිබෙනවා. මේවා ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කර තිබෙන අතර දැනට එහි යෝජනා චක්‍රලේඛයක් ලෙස සකස් වෙමින් තිබෙනවා.

1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ ස්ථාපිත කරන ලද විශ්වවිද්‍යාල 17 වෙතින් ලබා ගන්නා ලද තොරතුරු අනුව මේ වන විට කිසිදු විශ්වවිද්‍යාලයක් පසුගිය වසර 5 තුළ නවකවදය සහ වෙනත් සාහසික ස්වරූපයේ සිදුවීම් තහනම් කිරීමේ පනත යටතේ නඩු පැවරීම් කර නැහැ. විශ්වවිද්‍යාලවල විවිධ පර්යේෂණ සිදුකර තිබෙනවා. ඒවායින් බොහොමයක් ප්‍රසිද්ධ කර තිබෙන නමුත් ඇතැම් ඒවා ප්‍රසිද්ධ කර නැහැ. උසස් අධ්‍යාපන ආයතනවල නවකවදය වැළැක්වීම සඳහා මේ වන විට විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස්කර තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ස්ථාපිත කේන්ද්‍රය විවිධ යෝජනා ක්‍රියාත්මක කරමින් තිබෙනවා. දැනට ක්‍රියාත්මක පැමිණිලි හැසිරවීමේ යන්ත්‍රණය වඩාත් බලාත්මක කිරීමට ද යෝජනා කර තිබෙනවා. ක්ෂණික දුරකතන අංකයක් මේ වන විට ක්‍රියාත්මක වෙනවා. එය පැය 24 පුරාම පවත්වාගෙන යෑමට අපි අපේක්ෂා කරනවා. සියලු විශ්වවිද්‍යාලවල නවකවද විරෝධී කාර්ය සාධක බළකා පිහිටුවා ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමානාත්මතාවය සහ සාධාරණත්වය සඳහා වන ස්ථාවර කමිටුව යටතේ ක්‍රියාත්මක අනු කමිටුවක් හරහා ඒවා අතර ජාලගත සම්බන්ධතා ගොඩනඟනවා. මේ යටතේ කිසියම් නවක වධ සිද්ධියක් වාර්තා වූ අවස්ථාවක එම අදාළ කාර්යසාධක බලකාය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අදාළ නිලධාරීන්ට දැනුම් දෙන යන්ත්‍රණයක් ගොඩනඟා තිබෙනවා. ඒ වාගේම කාර්යක්ෂම පසුවිපරම් යන්ත්‍රණයක් ගොඩනඟන්නත් කටයුතු කර තිබෙනවා. මේවා ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කර තිබෙන අතර දැනට එහි යෝජනා චක්‍රලේඛයක් ලෙස සකස් වෙමින් තිබෙනවා. නවකවදයේ වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට නීතිඥ සහාය, වෛද්‍ය පහසුකම් ආදිය ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. වින්දිතයන්ට අවශ්‍ය සහාය පද්ධතියක් ලබාදෙන්න අපි පියවර ගෙන තිබෙනවා. චක්‍රලේඛද නිකුත්කර තිබෙනවා. නවකවදය විශ්වවිද්‍යාල ආරම්භ වූ පසුව පමණක් නොව ඊට පෙර සිටම අවධානය යොමුව තිබෙනවා. නවක වධය යන්න පුළුල් ප්‍රශ්නයක්. එය ප්‍රචණ්ඩත්වය සහ හිංසනය ලෙස සලකා කටයුතු කරනවා. මේවාට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. පුළුල් වැඩපිළිවෙළක් ඊට අයත් වෙනවා.

 
 
 
 


Top Stories
wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය දෙන්න – ජනපතිගෙන් උපදෙස්

wedivistara

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

wedivistara

නවකවදය නැති කරන්න කාර්යසාධක බළකායක්

wedivistara

දෙමටගොඩදී ත්‍රීරෝද රථ 06ක් හා මෝටර් රථයක් ගිනිබත් වෙයි

wedivistara

ගැටලු කිහිපයක් මුල් කරගනිමින් සබරගමු විශ්ව විද්‍යා​ල සිසුන් විරෝධතාවක

Trending
wedivistara

COVID රෝගය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැහැ - සෞඛ්‍ය අමාත්‍යංශය

wedivistara

ලෝකය හමුවේ ලංකාව බැබළ වූ අනුදිට අගමැතිනියගේ ස්තූතිය

wedivistara

ජාවාරම්කාර කළු යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ දැමීමට කටයුතු කරනවා - ජනපති

wedivistara

දකුණේ අපරාධකරුවන් දෙදෙනකුගේ ඡායාරූප AI තාක්ෂණයෙන් හදයි

wedivistara

සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුවක්

wedivistara

කැකිරාව තේරීම් භාර නිලධාරියාට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කෙරේ


NEWS ALERT