Local

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කරන්නේ අපිට ලැබුණු ජනවරම අනුවයි - ජනපති

Wednesday, 22 January 2025 - 8:49 pm

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුව සිදු කරන්නේ පෞද්ගලික තරහක් පිරිමසා ගැනීමට නොව, ලැබුණු ජනවරම අනුව බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මේ වන විට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස යන අය සිය නිවාස රජයට භාරදී ඇති බවත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයේ නිවසක් ඉල්ලීමක් සිදු නොකර ඔහුගේ පෞද්ගලික නිවසට ගොස් ඇති බවයි ඊයේ (21) පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙක් රජයේ නිවාසවල සිටින බවත්, ඉන් කෝටි 350ක් වටිනා වර්ග අඩි 30,500ක විශාලත්වයෙන් යුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසේ මාසික කුලිය ලක්ෂ 46 ක් වන බවත්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරණායකගේ නිවසේ මාසික කුලිය ලක්ෂ 20 ක් හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිවසේ මාසික කුලිය ලක්ෂ 09 ක් වන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

එසේම කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිර දෙක පමණක් ඉතිරිව තිබියදී, අනෙකුත් ජනාධිපති මන්දිර හා අමාත්‍යවරුන්ගේ නිල නිවාස ආර්ථික වශයෙන් හෝ සමාජීය වශයෙන් වඩා ඵලදායී කාර්යවලට යොදා ගන්නා බවත්, ඒ සඳහා දැනටමත් යෝජනා කිහිපයක් ඉදිරිපත් වී ඇති බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ජනතාව අපේක්ෂා කරන ලද දේශපාලන සංස්කෘතියේ වෙනස මෙය බවත්, වෙනසට මුහුණදීමට නොහැකි කවුරුන් හෝ සිටිනවා නම් ඔහු සිතන්නේ මෙය පළිගැනීමක් ලෙස බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT