Local

රනිල් කුමන්ත‍්‍රණයක..

Wednesday, 16 October 2024 - 12:52 pm

ගම්පහ දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේග අපේක්‍ෂකයෙකු ලෙස නාම යෝජනා බාර දුන් දිනට පසු දිනම අජිත් මාන්නපෙරැම මහතා ඉන් ඉවත් වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග කුමන්ත්‍රණයක යෙදෙමින් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කළ යුතු බවට අජිත් මාන්නපෙරුම මහතා පසුගිය කාලයේ මතයක් ගෙන ගිය බවත් සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් කැපවූයේ නැති බවටත්ය.

ඒ හේතුවෙන් මාන්නපෙරැම මහතා මෙවර මැතිවරණයෙන් ඉවත්වීම වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සමග කළ කුමන්ත්‍රණය කොටසක් බවද හෙතෙම කියා සිටියේය.

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලය පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT