Local

ශ්‍රීලනිපය ආරක්ෂා කිරීම පක්ෂයට ආදරය කරන සියලු දෙනාගේ වගකීමක් – ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ

Thursday, 18 April 2024 - 7:55 am

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීම පක්ෂයට ආදරය කරන සියලුදෙනාගේ වගකීම යැයි ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසීය.

ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායකගේ 108 වන ජන්ම දින සැමරුම් උපහාර උත්සවය(17) කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. එහි ප්‍රධාන අනුස්මරණ දේශනය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් පවත්වමින් මේ බව පැවසීය.

ඇමැතිවරයා එහිදී මෙසේ ද කීවේය. වසර 108කට පෙර අද වගේ දවසක සිරිමාවෝ බණ්ඩාරනායක උපත ලැබුවා. එතුමියගේ ජීවිත කතාවෙන් බොහෝ වැදගත් දේවල් ඉගෙන ගන්න තිබෙනවා. මේ රටේ පැවති ධනේෂ්වර පන්තිය බණ්ඩාරනායකගේ දේශපාලනයට කැමති වුණේ නැහැ. එතුමා වමේත් නොවන දක්ෂිණාංෂික නොවන මැද මාවතක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකළා. එතුමා සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගවලින් 1956 මේ රටේ අග්‍රාමාත්‍යවරයා බවට පත් වුණා. එතුමාගේ පාලනය බිඳ දමන්න මේ රටේ වැඩ වර්ජන උද්ඝෝෂණ කරමින් ඇතැම් දේශපාලන සංවිධාන කටයුතු කළා. 1959 වසරේදී එතුමා ඝාතනය කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවරයි කියා බොහෝ අය කීවා. 1960 ජූලි මාසයේ පැවති මහමැතිවරණයත් සමඟ සිරිමාවෝ බණ්ඩාරනායක දේශපාලනයට ආවා. එතුමියට දේශපාලනය තේරෙන්නේ නැහැ කියා සමහරු කීවා. එහෙත් මේ රටේ බිහිවුණු අයෝමය රාජ්‍ය නායිකාව සිරිමාවෝ බණ්ඩාරනායකයි. එතුමිය තමන්ගේ ස්වාමිපුරුෂයා සිහිපත් කිරීමට චීන රජයේ සහයෝගයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදි කළා. 1975 නොබැඳි ජාතීන්ගේ සමුළුව පැවැත්වීමට එතුමිය ධෛර්යවන්ත වුණා. එතුමිය ලෝකයේ පළමු අග්‍රාමාත්‍යවරිය බවට පත් වුණා. එය රටේ වාසනාවක් බව සඳහන් කළ යුතුයි. අද මේ ස්ථානයේ සිටින සියලු දේශපාලනඥයන් බිහිවුණේ බණ්ඩාරනායක මහතා සහ සිරිමාවෝ මැතිනිය නිසා බව කිව යුතුයි. මේ රටේ දේශපාලන පක්ෂ හතු පිපෙනවා වගේ එනවා යනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්න කාටවත් බැහැ.

ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේ බණ්ඩරනායකට දේශපාලන වශයෙන් විශාල පීඩා ඇති කළා. එතුමියගේ ප්‍රජා අයිතිය නැති වුණා. මේ රටේ පිරිමින්ට ගත නොහැකි වු තීන්දු තීරණ ගත් නායිකාව සිරිමාවෝ බණ්ඩාරනායකයි. මේ රටේ වැඩිම ප්‍රහාර එල්ල වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙකුට හැරෙන්න 1994න් පස්සේ මේ රටේ ජනතා ඡන්දයෙන් ජනාධිපති වෙන්න බැරි වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන අය වශයෙන් අපේ වගකීම පක්ෂය ආරක්ෂා කිරීමයි. පක්ෂයේ නායකයන් අතර විවිධ මතිමතාන්තර තිබෙන්න පුළුවන්. ඒවා ප්‍රධාන දේවල් වෙන්නේ නැහැ. රට පුරා සමීක්ෂණයක් කළොත් සීයයට 75ක් ජනතා මතය වන්නේ මේ රට ආරක්ෂා කරන්න. පාලනය කරන්න පුළුවන් එකම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යැයි ද සඳහන් කළේය.

සිරිමාවෝ බණ්ඩාරනායක කාන්තා පර්ෂදය විසින් මේ උත්සවය සංවිධානය කර තිබූ අතර, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල, සිරිමාවෝ බණ්ඩාරනායක කාන්තා පර්ෂදයේ සභාපතිනී කීර්තිලතා ලොකුලියනගේ, සිරිමාවෝ බණ්ඩාරනායක කාන්තා පර්ෂදය සංවිධානයේ චන්ද්‍රිකා ද සොයිසා, මහාචාර්ය විශාඛා සූරියබණ්ඩාර මෙහිදී අදහස් දැක්වූහ.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, ආචාර්ය සුරේන් රාඝවන්, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු සිරිමාවෝ බණ්ඩාරණායක කාන්තා පර්ෂදයේ සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.


Top Stories
wedivistara

උතුරු මැද පළාත් 11 ශ්‍රේණියේ විභාග යළි ආරම්භ කෙරේ

wedivistara

අම්බලන්තොට ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් 5 ක් අත්අඩංගුවට

wedivistara

ජනපති පෙබරවාරි මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක

wedivistara

රේගු පරීක්ෂාවෙන් තොරව කන්ටේනර් නිශ්කාෂණය කළ බවට පළවන වාර්තා විමර්ශනයට කමිටුවක්

wedivistara

ඡන්ද හිමි නාමලේඛණය සඳහා ලියාපදිංචිවීම මෙවර මාර්ගතගත ක්‍රමයට සිදු කෙරේ

wedivistara

"නාමල් සමග ගමින් ගමට" වැඩසටහනට ජනතාව එකතුවීම ගැන සතුටුයි - සාගර

Trending
wedivistara

සුවසැරියට නව ගිලන් රථ 150 ක් ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක්

wedivistara

සජබ හා UNP එක්ව මැතිවරණයට තරග කරනවා - රංජිත් මද්දුමබණ්ඩාර

wedivistara

අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ගැන තොරතුරු ලබාදීමට 1997 කෙටි දුරකථන අංකය පොලීසිය විසින් හඳුන්වාදෙයි

wedivistara

වැටුප ගන්නේ නැත්නම්, කැන්ටිමෙන් කන්නේ, නිවාසයේ කුලිය ගෙවන්නේ කොහොමද කියලා රටට හෙළි කරන්න - ප්‍රසාද් සිරිවර්ධන

wedivistara

පැමිණිලි යොමුකිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් WhatsApp අංකයක්

wedivistara

බහාලුම් ගැන එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරනවා - බස්නාහිර පළාත් ආණ්ඩුකාර


NEWS ALERT