Local

දරුවන්ට දඬුවම් කිරීම වැළැක්වීමට පනත් කෙටුම්පතක්

Wednesday, 11 June 2025 - 6:02 pm

දණ්ඩ නීති සංග්‍රහයේ ශාරීරික දඬුවම් සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කඩිනමින් නීතිගත කිරීමේ අරමුණි රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශාරීරික දඬුවම් මඟින් දරුවෙකුට සිදුවන ශාරීරික හා මානසික හිංසනය පුළුල් බව විද්‍යාත්මකව ඔප්පු කර තිබේ.

එබැවින්, ඕනෑම ක්ෂේත්‍රයක ශාරීරික දඬුවම් මඟින් හිංසනයට ලක්කිරීම තහනම් කිරීම සඳහා සහ ශාරීරික හිංසනය වෙනුවෙන් දඬුවම් නියම කිරීම සඳහා විධිවිධාන පැනවීම පිණිස (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම පිණිස 2024-04-29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි.

ඒ අනුව, අදාළ කාර්යය සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත් ඒ අනුව කටයුතු කිරීමට හැකි වී නොමැත.

එම පනත් කෙටුම්පත කඩිනමින් නීතිගත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ඇති අතර, ඒ අනුව, එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT