Local

පරිහානියට පත් බේරේ වැවේ ජලයට කරන්න යන දේ

Wednesday, 17 January 2024 - 3:47 pm

බස්නාහිර පළාතේ ගංවතුර තත්ත්වය පාලනය කිරීම සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2,482 ක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

බස්නාහිර පළාතේ ගංවතුර තත්වය පාලනය කිරීමේ ප්‍රධාන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසිනි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ එම ප්‍රතිපාදන යොදා ගනිමින් බස්නාහිර පළාතේ ගංවතුර තත්වය පාලනය කිරීමට ප්‍රධාන ව්‍යාපෘති 6 ක වැඩ කටයුතු සිදු කිරීමට නියමිත බවයි.

ඒ අනුව මහ කොළඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය සදහා මේ වසර තුළ වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 292 කි. කොළඹ ගංවතුර පාලනය කිරීම හා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම පදනම් කර ගනිමින් 2012 වසරේදී ලෝක බැංකු ආධාර සහ දේශීය අරමුදල් මත මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණ. මෙම වර්ෂය සදහා වෙන්කර ඇති මුදලින් නොරිස් ඇළ උප ව්‍යාපෘතියේ ඉතිරි වැඩ කොටස සහ ඒකාබද්ධ වැසි ජල කළමණාකරණ පද්ධතියෙහි ඉතිරි වැඩ අවසන් කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය යටතේ අඹතලේ පොම්පාගාරය, මාදිවෙල නැගෙනහිර හැරවුම,ටොරිංටන් උමඟ සංවර්ධනය කිරීම ඇතුළු උප ව්‍යාපෘති 54 ක් පසුගිය වසරේදී සංවර්ධනය කර මහජන පරිහරණය සදහා භාර දී ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 600 ක මුදලක් මෙවර අයවැයෙන් වෙන් කර තිබේ. කොළඹ අවට පවතින ඇළ මාර්ග, වැව් සහ ඇවිදින මංතීරු නඩත්තු කිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම, තෙත්බිම් හා පහත් බිම් සංවර්ධනය කිරීම මේ යටතේ සිදුකෙරේ. කළු ඔය වැසි ජල අපවහන හා පරිසරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේද මේ යටතේයි.

වේරස් ගග වැසි අපවාහන හා පරිසර වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සදහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 800 කි. නුගේගොඩ රත්තනපිටිය ඇළ, දෙල්කද ඇළ, බොරලැස්ගමුව උතුර, බොරලැස්ගමුව දකුණ සහ වේරස් ගග යන කලාප 5 මෙම ව්‍යාපෘතිය යටතේ ආවරණය වේ. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ එම ව්‍යාපෘතිය මගින් කිලෝමීටර 55.5ක දුර ප්‍රමාණයක් ආවරණය වන බවයි. මෙමගින් වැසි ජල රැදවුම් ප්‍රදේශ සංරක්ෂණය කිරීම හරහා පාරිසරික සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කළ හැකි බවද හෙතෙම පෙන්වා දෙයි.

මීට අමතරව කොලොන්නාව වැසි ජල අපවහන හා පරිසර වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 300 ක් සහ ඔලියමුල්ල වැසි ජල අපවහන හා පරිසර වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 450 ක් මෙවර අයවැය මගින් වෙන් කර තිබේ.

කොලොන්නාව ව්‍යාපෘතිය මගින් කැළණිගග හා සම්බන්ධ වන කිත්තම්පහුව ඇළ, සැළලිහිණි මාවත ඇළ, දඩුතොට ඇළ ආශ්‍රිත ප්‍රදේශය ආවරණය වේ. ඔලියමුල්ල ව්‍යාපෘතිය මගින් කැළණිය සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන බවත්, එම ප්‍රදේශවල ගංවතුර අවම කිරීම හරහා ජනතාවගේ ජීවනෝපාය වැඩි දියුණු කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම බේරේ වැව ව්‍යාපෘතිය සදහා මෙවර අයවැය මගින් වෙන් කර ඇති මුදල රුපියල් මිලයන 40 කි. කොළඹ නගරයේ පිහිටා ඇති බේරේ වැව නාගරික හා කාර්මික අපද්‍රව්‍ය සහ අපජලය එක්වීම නිසා පරිහානියට පත්ව තිබේ.

එම නිසා තවදුරටත් සිදු විය හැකි පරිසර හානිය අවම කිරීම අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. බේරේ වැවේ ජලයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම පරිසර අලංකරණය සහ ජනතාවගේ සෞඛ්‍ය තත්වය වර්ධනය කිරීම මින් සිදු කෙරෙන බව ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT