Local

රාජ්‍ය ව්‍යවසාය රජයේ තක්සේරු වටිනාකමට වඩා අඩුවෙන් පෞද්ගලික ආයෝජන සඳහා ලබා දෙන්නේ නැහැ – නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු

Thursday, 23 May 2024 - 8:09 am

රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා විවෘත කරනු ලබන්නේ රජයේ තක්සේරු වටිනාකමට යටත්ව පමණක් බවත් තක්සේරු වටිනාකමට අඩුවෙන් රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලික ආයෝජන සඳහා ලබා නොදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බවත් නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පැවසීය.

පසුගිය සමයේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් නවතා දමා තිබූ ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති මේ වන විට නැවත ආරම්භ කර තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය,

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ පවතින ව්‍යවසාය කිහිපයක් සඳහා ආයෝජකයන් සොයා ගෙන ඒවා ක්‍රමවත්ව පවත්වා ගෙන යාමට රජයේ අවසරය ලබා දී ති‍බුණා.

ඒ අනුව හිල්ටන් හෝටලය වැනි ආයතන සඳහා විනිවිදභාවයෙන් යුක්තව එම ආයෝජන ලබා ගෙන එමඟින් රජයේ භාණ්ඩාගාරය ශක්තිමත් කිරීම, සේවකයින්ට කොටස් ලබා ‍දීම සහ ආයතනය ක්‍රමවත්ව පවත්වා ගෙන යාමට අපේක්ෂා කරනවා.

මෙම ආයෝජන තුළින් බලාපොරොත්තු වන්නේ රජයේ තක්සේරු වටිනාකමට වඩා වැඩි මුදලක් ලබා ගැනීමයි. තක්සේරු වටිනාකමට අඩුවෙන් රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලික ආයෝජන සඳහා ලබා නොදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව රජයේ තක්සේරු වටිනාකමට අඩුවෙන් කිසිම පෞද්ගලික ආයෝජකයකුට රාජ්‍ය ව්‍යවසාය ලබා ගැනීuට ඉඩක් නැහැ.

ඒ වගේම ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අති විශාල ණය ප්‍රමාණයක් තිබෙනවා. ඉන් කොටසක් රජය විසින් දරා ගත්තද, ගුවන් සමාගම සඳහා පැමිණෙන ආයෝජකයා ඉතිරි ණය ප්‍රමාණය දරා ගැනීමට තරම් ශක්තිමත් විය යුතුයි.

ඊට අමතරව කොළඹ හයට් හෝටලය, ක්‍රිස් සහ ඩෙස්ටිනි යන ව්‍යාපෘති සඳහා රජයේ වටිනා ඉඩම් ලබා දී තිබෙනවා. මේ වන විට එම ආයෝජකයන් එකී ව්‍යාපෘති අත් හැර දා ගොස් තිබෙනවා. ක්‍රිස් ව්‍යාපෘතියෙන් අවසානයේ ඉතිරි වී තිබෙන්නේ නටබුන් වූ ගොඩනැගිල්ලක් සමඟ පරිසර ප්‍රශ්නයක් පමණයි.

ඒ වගේම කොළඹ හයට් හෝටල් ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 60ක් වියදම් කර ඇති අතර ඒ මෙරට ජනතාවගේ මුදල් බව පැවසිය යුතුයි. මෙම හයට් හෝටල් ව්‍යාපෘතියට අදාළව තවත් ඩොලර් මිලියන 35 ක ණයක් ගෙවීමට තිබෙනවා. කොළඹ නගරයේ තිබෙන ඉතා වටිනා ඉඩමක් මේ සඳහා යොදා ගෙන තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ඉදිරියට කර ගෙන යාමට සුදුසු ආයෝජකයෙක් නොලැබුණහොත් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වියදම් කර ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් ඉදි කිරීම් කටයුතු අවසන් කිරීමට අප අදහස් කරනවා.

ඒ වගේම ඉදිරි මාස කිහිපය තුළ විශාල විදෙස් ආයෝජන ප්‍රමාණයක් මෙරටට පැමිණෙනු ඇති බව අපේ විශ්වාසයි.

පසුගිය සමයේ පැවති ආර්ථික දුෂ්කරතා‍වයෙන් රට ගොඩ ගැනීමත් සමඟ මේ වන විට මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම නවත්වා දමා තිබූ ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කිරීම සඳහා මුදල් ලබා දී තිබෙනවා.

ජනාධිපතිතුමා‍ගේ වැඩපිළිවෙල තුළ සිදු වූ ආර්ථික ශක්තිමත් වීම හේතුවෙන් අස්වැසුම සමාජ සුබ සාධක ප්‍රතිලාභ වැඩසටහනට සමෘද්ධිය මෙන් තුන් ගුණයක මුදලක් වෙන් කිරීමට හැකි වී තිබෙනවා. තවද බලපත්‍රලාභී ඉඩම් සඳහා සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීම වෙනුවෙන් වන උරුමය වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. මෙවැනි වැඩකටයුතු රාශියක් රජය විසින් ක්‍රියාත්මක කර සාර්ථකව ඉදිරියට ගෙන යමින් තිබෙනවා. මේ පසුබිම තුළ ඉතිහාසයේ මුහුණ දුන් දරුණුම ආර්ථික අර්බුදයෙන් මෙරට ගොඩ ගත් නායකයා ලෙස වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට නැවත අවස්ථාවක් ලබා දිය යුතු බව අප විශ්වාස කරනවා.


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT