ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් යටතේ උතුරු නැඟෙනහිර ඒකාබද්ධ නොකරන බවත් ඉඩම් හා පොලිස් බලතල ලබා නොදෙන බවත් ජනාධිපති අපේක්‍ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කලේ යාපනයේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ පැවසුවේ බෞද්ධ රටක සියලු ආගම් භාෂා සහ ජනතාව ආරක්‍ෂා කරන බවය.
කෙටිකාලීන වරප්‍රසාද වරදාන හා තනතුරු වෙනුවෙන් රටත් පක්ෂයත් කිසිදා පවා නොදෙන බවත් පැවසූ ඔහු තමන් අභියෝගවලට බිය නොවන බවද පැවසුවේය.