ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා බවට පත්වූ පසු ඉදිරිපත් කරන පළමු කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අදහස් පල කරයි.
මෑතකදී පිල් මාරු කරන ලද මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන ලද මත්පැන් බලපත්‍ර එම කැබිනට් පත්‍රිකාව මගින් අහෝසි කරන බවද හෙතෙම කියා සිටියේය.
එනිසා ඒවා ලබාගත් අය ඉක්මනින් ඒවා ආපසු ලබාදී මුදල් ලබා ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
එම මත්පැන් බලපත්‍ර සඳහා දැනටමත් කෝටි ගණන්වලට මුදලට අලෙවි කර ඇති බවට තොරතුරු ඇති බවත් හෙතෙම කියා සිටියේය.
ඔහු මෙම අදහස් පළ කලේ පාර්ලිමේන්තුව අමතමිනි.