Local

කෑම පාර්සල් මුවාවෙන් ඩිලිවරි බෑගයක දමා ‘කුඩු’ බෙදා හැරලා

Tuesday, 16 January 2024 - 10:37 am

ඩුබායිහි සිටින ‘බබීගේ’ ගෝලයෙක් මාට්ටු

ප්‍රසිද්ධ කුලී රථ සේවා සපයන ආයතනයක සේවය කරන අතරතුර ආහාර ඇණවුමක් රැගෙන යන මුවාවෙන් ඩිලිවරි බෑගයක සඟවා ඩුබායිහි රැඳී සිටින මත්කුඩු ජාවාරම්කරුවකු වන දිනේෂ් ශ්‍යාමන්ත ද සිල්වා නොහොත් බබී නමැත්තාගේ මත්කුඩු තොග වශයෙන් බෙදා හරින්නෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් පෙරේදා (14) අත්අඩංගුවට ගනු ලැබීය.

ආහාර බෙදා හැරීමේ බෑගයක සඟවාගෙන එම පුද්ගලයා ඔහුට අයත් ස්කූටර් වර්ගයේ යතුරුපැදියක අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් රැගෙන යමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එඬේරමුල්ල සාන්ත ජූඩ් මාවතේදීය.

අත්අඩංගුවට ගත් අදාළ කුලී රථ සමාගමේ සේවකයා කිරුලපන පාමංකඩ පාරේ පදිංචිකරුවකු වන අහමඩ් සියාත් ජිෆ්රි නමැති 45 හැවිරිදි අයකු බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතාට ලද තොරතුරකට අනුව ඔහුගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ.එම්. ගයන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත පන්නිපිටිය හා කිරුලපන ප්‍රදේශවල සඟවා තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 332යි මිලිග්‍රෑම් 800ක් සහ හොරොයින් ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 300ක් සමඟ මිලිමීටර 09 වර්ගයේ පතරොම් 37ක් සොයා ගැනීමට හැකි වී තිබේ.

මිනිස් ඝාතන හා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මේ වන විට ඩුබායිහි රැඳී සිටින දිනේෂ් ශ්‍යාමන්ත ද සිල්වා නොහොත් බබී විසින් මෙම මත්කුඩු ජාලය මෙහෙයවන බව විමර්ශනයේදී තොරතුරු අනාවරණය වී තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT