Local

පාසල් දරුවෝ තිදෙනෙක් කළුගං පතුෙල් සැඟවෙති

Monday, 15 January 2024 - 9:38 am

උපන්දින සැමරුමක් වෙනුවෙන් කළු ගඟේ කලපුවේ ඊයේ (14) පස්වරුවේ දිය නෑමට ගිය 15 සහ16 හැවිරිදි පාසල් සිසුවියන් දෙදෙනකු සහ 17 හැවිරිදි සිසුවකු දියේගිලී මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.

කළුතර පන්විල ප්‍රදේශයේ පදිංචිව සිටි ඉවංගී මධුහාෂිනි (15), දොඩංගොඩ නැවිලියාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කිවිදු සත්සර (17) සහ දොඩංගොඩ රතුකුරුස නිවාස හී පදිංචිව සිටි සුබානී සුපේසලා (16) නමැති අයවලුන් මෙසේ මියගොස් ඇති බව පොලිසිය කීය. මියගොස් ඇති සිසුවියන් දෙදෙනා මෙවර අපොස සාපෙල විභාගයට පෙනීසිටීමට නියමිතව සිටින අයවලුන් බව ද පැවසේ.

මියගොස් ඇති සිසුවා මියගොස් ඇති එක් සිසුවියකගේ පෙම්වතා බවත්, ඇයගේ මවගේ උපන් දිනය නිමිත්තෙන් විනෝදයට දියනාමින් සිටියදී මෙලෙස දියේගිලී ඇති බවත් සඳහන් වේ. ඔවුන් පළමුව කළුතර මුහුදේ දියනාමින් සිට ඇති අතර මියගොස් ඇති එක් සිසුවියකගේ ඉල්ලීම මත කළුගඟේ කළපුවට දියනෑමට පැමිණ ඇති බව ද සඳහන් වේ. සිසුවියන් දෙදෙනා පළමුව දියේගිලී ඇති බවත්, ඔවුන් දෙදෙනා බේරා ගැනීමට සිසුවා උත්සාහ ගැනීමේ දී ඔහුද දියේගිලී ඇති බවත් සඳහන් වේ.

දියනාමින් සිටි තිදෙනා දියේ ගිලී ඇති මොහොතේ උදව් ඉල්ලා කෑගැසීමේ දී අවට සිටි බෝට්ටුවලින් ගොඩගෙන 1990 සුව සැරියෙන් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත්, රෝහල් ගතකිරීමේදී මියගොස් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. එක් සිසුවියකගේ මවගේ උපන්දිනය ඊයේ දිනටයෙදී තිබූ බවත්, පිරිස එහි සතුට සැමරීමට ගොස් සිට ඇති බවත් ද සඳහන් වේ.

මෘතදේහ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ. කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරික්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශයේ සැරයන් 55318 එස් ඒ ආර් කේ ද සිල්වා පරීක්ෂණ පවත්වයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT