අස්වැසුම ආධාර ක්‍රියාවලිය සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා.
ඒ සඳහා සුදුසුකම් ඇති නමුත් තවමත් ඒ සඳහා ප්‍රතිලාභ ලැබී නැති අයවලුන් ඇතුළත් කර ගැනීම සඳහා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
විශාල පිරිසක් අභියාචනා ඉදිරිපත් කර ඇති බවත් ඒවා නැවත වතාවක් නිසි ලෙස නිසි ක්‍රමවේදයකට අනුව සමාලෝචනය කර 2024 සඳහා වූ මුදලට වඩා වැඩි ප්‍රමාණයක් 2025 වර්ෂයේදී ලබාදීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.