Local

වංචනිකයන්ට දූෂිතයින්ට දඬුවම්දීම නාටකයක් නෙමෙයි - ජනපති

Wednesday, 23 October 2024 - 7:53 pm

නොවැම්බර් 14 වනදා තිබෙන්නේ ඡන්දයක් නොවන බවත් එය මහා ශ්‍රමදානයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 

ඔහු මේ බව පැවසුවේ පොළොන්නරුව ප්‍රදේශයේ අද (23) පැවති මැතිවරණ රැළිය අමතමිනි. 

මහා මැතිවරණය පැවැත්වෙන දිනය යනු ශ්‍රී ලංකා පාර්ලිමේතුන පිරිසිඳු කිරීමේ දිනය බව ජනාධිපතිවරයා පැවසීය.

'නොවැම්බර් මාසේ 14 වනදා තියෙන්නේ ඡන්දයක් නෙමෙයි මහා ශ්‍රමදානයක්. පිරිසිඳු කිරීමේ ශ්‍රමදානයක්. මේක පිරිසිඳු කරන්න ඕනේ. නොවැම්බර් මාසේ 14 ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව පිරිසිඳු කිරීමේ දිනේ. අපි දිනේ ප්‍රකාශ කළාම 60කට වඩා පිරිසක් ස්වෙච්ඡාවෙන්ම පිරිසිඳු වෙලා. ඉල්ලන්නේම නෑ. පොළොන්නරුවෙත් ඉන්නවා නේ. 89 ඉදලා පාර්ලිමේන්තුවේ හැබැයි 2024 නෑ. ස්වෙච්ඡාවෙන් පිරිසිඳු වෙලා. ඉතුරු වෙලා ඉන්නවා කට්ටියක් ඒ කට්ටිය පිරිසිඳු කිරීමේ වගකීම පොළොන්නරුවේ ජනතාවට පැවරෙනවා. භාර ගන්න ඕනේ. ජාතික ජනබල වේගයේ විශාල වැඩක් තමයි මේ රට ඩිජිටල්කරණය කරන එක. පුරවැසියන්ට අවශ්‍ය කාර්යය සුවපහසුවෙන් කරන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පෝලිමේ ඉන්න ඕනේ නෑ ඔප්පුවක් ගන්න.  පෝලිමේ ඉන්න ඕනේ නෑ මරණ සහතිකයක් ගන්න. කට්ටිය කියනවා මේ හොරු අල්ලන්නේ නැද්ද කියලා. අපි ගැන කලබල වෙන්න එපා. වංචනිකයන්ට දූෂිතයින්ට දඬුවම්දීම නාටකයක් නෙමෙයි. 2015 ඒක නාටකයක් වුණා. ෆයිල් අරන් යනවා වොයිස් කට් දෙනවා. දූෂිතයත් වොයිස් කට් දෙනවා. අද ගොඩක් සිද්ධ වෙනවා වොයිස් කට් නෑ. අදත් වෙලා තියෙනවා නේ. කියමනක් තියෙනවා හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කැණ වැට පනිනවා කියලා. පහුගිය දවස්වල ඒක දැක්කා ද? ඒ කාර්යය සිදුකරන ඉහළ පෙළේ නිලධාරීන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් දියත් කරලා තියෙනවා. කලින් වැට පැනලා. එයාලා කලබල වෙලා. අපි පියවරෙන් පියවර ඉදිරියට යනවා.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT