Local

කෝටි 200ක හෙරොයින් එක්ක අඹුසැමි යුවළක් අත්අඩංගුවට

Friday, 01 November 2024 - 6:07 pm

රුපියල් කෝටි 200කට අසන්න වටිනාකමකින් යුත් හෙරෝයින් කිලෝ ග්රෑම් 54කට ආසන්න ප්‍රමාණයක් සමඟ අඹුසැමි යුවළක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් අංශ තුනේහි නිලධාරීන් කණ්ඩායමක් විසින් සෙවණගල නුගේ ගලයාය, කිරිවැව ප්‍රදේශයේදීයි.

එහි දී නිවස හා භුමිය පරික්ෂා කිරිමේදී එම මිදුලේ වලදමා තිබියදි සොයාගත් ප්ලාස්ටික් බහාලුම් තුනක් තුළ සුක්ෂමව සඟවා තිබූ හෙරොයින් කිලෝ 53යි ග්‍රෑම් 65 ක් සොයා ගෙන තිබෙනවා.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබෙනවා.

මේ අතර අත්අඩංගුවට ගත් සැකකාරිය පෙරේදා (30) දිනයේ පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරින් විසින් පිළියන්දල ප්‍රදේශයේදී හෙරොයින් සමඟින් අත්අඩංගුවට ගත් ඕමල්පගේ ධම්මික සමන්කුමාර ගේ සහෝදරිය බවට වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT