Local

“රීඩ් මාවතේ සියවස් සැමරුම” නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කෙරේ

Wednesday, 22 November 2023 - 6:10 pm

කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක් නිකුත් කිරීම ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) එම විද්‍යාලයේ පැවති 79 වැනි වාර්ෂික Philex ප්‍රදර්ශනයට සමගාමීව සිදු කෙරිණි.

එම සියවස් සමරු මුද්දරය ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා විසින් සාගල රත්නායක මහතා වෙත පිළිගැන්වීය.

රාජකීය විද්‍යාලයේ මුද්දර සංගමය විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන The Royal Philatelist කෘතිය මුද්දර සංගමයේ සභාපති සනුක වනසිංහ සහ ලේකම් දේවීන් බාලසූරිය යන සිසුන් විසින් සාගල රත්නායක මහතා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.

පූජ්‍ය ගවරගිරියේ පේමරතන හිමි, රාජකීය විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා, මුද්දර සංගමය භාර ආචාරිනී චමිලා බස්නායක යන මහත්ම මහත්මීන්, රාජකීය විද්‍යාලයේ උප විදුහල්පතිවරු, සහකාර විදුහල්පතිවරු, ආචාර්ය මණ්ඩලය සහ මුද්දර සංගමයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT