Local

අනුර දිසානායක අත්අඩංගුවට ගන්නැයි රහස් පොලිසියට පැමිණිල්ලක්..

Friday, 30 August 2024 - 11:25 am

ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මහ පොලොවේ ක්‍රියාත්මක සිවිල් සංවිධානය නම් නම් සංවිධානයක් විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

අනුර දිසානායක මහතා තොරතුරු වසන් කරමින් 2007 වසරේ සිට රාජ්‍ය දේපළ අවභාවිතා කරන්නේ යැයි පැමිණිලිකාර එම සංවිධානයේ දර්ශන තන්ත්‍රිගේ මහතා ඇතුළු පිරිසක් සඳහන් කරති.

මේ පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවේ ජනාධිපති ධුර අපේක්ෂකයෙක් විසින් රාජ්‍ය දේපළ අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධ පැමිණිල්ලක්. සාමාන්‍යයෙන් මේ පැමිණිල්ල දාද්දිම අපි කියනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් දාපු වහාම ඒ අදාළ චූදිතයාව ප්‍රකාශයක් ගන්න ගෙන්නලා ඒ ප්‍රකාශය අරගෙන ඔහුව අත්අඩංගුවට අරගන්න එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. මේක පොදු දේපළ පනත යටතට ගන්න වරදක්. මේ වරද සිද්ධ කරලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක ජාතික ජන බලවේගයේ නායක ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මැතිතුමා.

අපි පහුගිය දවසක අල්ලස් කොමිසමට දූෂණය සම්බන්ධ පැමිණිල්ල කරා. දැන් මෙතන තියෙන්නේ මාදිවෙල නිවාස සංකීර්ණයේ තියෙන රජයට අයත් දේපළක් අවුරුදු දාහතක් තිස්සේ අයථා ලෙස පරිහරණය කිරීමක්. ඒ අයථා ලෙස පරිහරණය කිරීම තමන් පමණක් නෙමෙයි. ඒකට සාක්ෂි සපයන්නේ ඔහුගේම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඔහුගේම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ගරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල්කාන්ත කියන්නේ මේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ නමින් තියෙන නිවසේ චන්ද්‍රසේකරන් කියලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමෙක් තමයි හිටියේ කියලා.

එතකොට මේ දෙකම වරදක්. පළවෙනි එක තමයි තමන්ට කඩවත කිරිල්ලවල ගෙයක් තියාගෙන, සැතපුම් විසිපහේ සීමාව, ඒ කියන්නේ සැතපුම් විසිපහක් කියන්නේ දළ වශයෙන් කිලෝමීටර් හතළිහක්. ඒ සීමාව ඇතුළත තමන්ට ගෙයක් තියාගෙන, රජයට කූට ලේඛන ඉදිරිපත් කරලා, වංචාවක් කරලා, රජයේ දේපළක් සාවද්‍ය ලෙස අවුරුදු දාහතක්, දෙදහස් හතේ පස්වෙනි මාසේ විස්සේ ඉඳන් අවුරුදු දාහතක් පාවිච්චි කරලා තියෙනවා. ඒ පාවිච්චි කරන ගමන් තමන්ගේ නමට ගත්ත දේපලේ රජයේ දේපලේ තියන්න බැරි වෙනත් පුද්ගලයෙක් පදිංචි කරලා තියෙනවා.

ඒක අපි නෙමෙයි සාක්ෂි සපයන්නේ. එතුමාගේ පක්ෂයේ ලාල්කාන්ත මහත්මයා. ඉතින් ඒ නිසා මේ පැමිණිල්ල සම්බන්ධව මේ කාරණාව සම්බන්ධව අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල කරා. අර විමල් වීරවංශ මහත්තයා චෝදනා කරනවනේ රතු අලි පැටියයි කියලා අනුර කුමාර දිසානායක මහත්තයාට. දැන් පහුගිය දවස්වල මේ ආණ්ඩුවෙන් සිද්ධ කරපු මහා විශාලම වංචාව තමයි වී එෆ් එස් වංචාව. වී එෆ් එස් වංචාව සම්බන්ධව අපි ගිහිල්ලා පැමිණිලි කරා. හැබැයි අපි දැක්කේ නෑ. ඔවුන්ගේ වසන්ත සමරසිංහ මහත්තයාගේ දූෂණ විරෝධී සංවිධානය නේ. ඒක ගිහින් පැමිණි කරනවා අපි දැක්කෙත් නෑ. අනුර කුමාර දිසානායක මහත්තයට මේ දූෂණය පේනවා අපි දැක්කෙත් නෑ. ඉතින් පොලීසිය භාර ඇමතිතුමා තමයි ඔය වංචාව සම්බන්ධව භාර ඉන්න ඇමතිතුමා. ඒ ගනුදෙනු මේ ගනුදෙනුවලට හිලව් වෙන්නේ වෙන එකක් නෑ කියලත් අපි විශ්වාස කරනවා. ඒත් එක්කම අනුර කුමාර දිසානායක මහත්තයා ඔය ඩීල් සම්බන්ධව කතා කරන ඒවා මේකේ වෙන එකක් නෑ කියලත් අපි විශ්වාස කරනවා. ඒ හින්දා මැතිවරණය කට අගට වෙනකන් තියන් ඉන්න එපා.ඔන්න පැමිණිල්ල දැම්මා.

සාමාන්‍යයෙන් ගමේ බබුන් අයියට පැමිණිල්ලක් දාපුවහම සතියක් ඇතුලත ඒ මනුස්සයා ගෙනල්ලා පොලිසියෙන් නීතිය ක්‍රියාත්මක කරන විදිහටම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැමිණිල්ලට ක්‍රියාත්මක වෙයි කියලා හිතනවා. ඉතින් වැරැද්දක් වෙලා තියෙනවා වැරැද්ද පිළිබඳව අපි පෙන්න පෙන්න අතන මෙතන කෑ ගහගෙන යන්නේ නෑ. ඔන්න ෆයිල් එක අපි දාලා තියෙනවා. අනුර කුමාර දිසානායක මහත්තයාට භාරයි කැඳවීමක් ආවත් නාවත්, කලින් ඇවිල්ලා හරි තමන්ගේ පාරිශුද්ධ භාවය ශුද්ධවන්තභාවය මේ ස්ථානයට පෙන්නන්න”


Top Stories
wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT