Local

සරම්ප අතිරේක එන්නත්කරණය 83%ක් සාර්ථකයි -සෞඛ්‍ය ලේකම්

Tuesday, 09 January 2024 - 8:50 am

මාස 6ත් 9ත් අතර දරුවන්ට ලබාදුන් සරම්ප අතිරේක එන්නත්කරණ වැඩසටහන සියයට 83ක් සාර්ථක බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.

මෙම එන්නත්කරණයට ලක් කළ යුතු දරුවන් 30,455ක් සිටින බවට වාර්තා වූයේ යැයි ද, ඉන් 25,286ක් එන්නත පසුගියදා (06) ලබාගත්තේ යැයිද ඒ මහතා පැවසුවේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඒ මහතා මේ බව ඊයේ (08) ප්‍රකාශ කළේය.

සරම්ප එන්නත්කරණ වැඩසටහන තුළ යාපනයේ ආවරණය සියයට 93ක්, මහනුවර ආවරණය සියයට 90ක්, කුරුණෑගල ආවරණය සියයට 88.7ක් බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ දිනයන්හි පවතින උණ, සෙම්ප්‍රතිශ්‍යාව රෝගය නිසා දරුවන් 5000ක් පමණ එන්නත්කරණයට ලක් නොවූ බව ද හෙතෙම පැවසීය.

ඉදිරි සති තුන තුළ සෙනසුරාදා දිනයන්හි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් එහිදී සියයට සියයක ආවරණයක් ලබා දිය හැකි වෙතැයි ද ඒ මහතා පැවසුවේය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT