Local

කටාර් සිරගෙයක සිට මත්ජාවාරම මෙහෙයවූ ගාල්ලේ ව්‍යාපාරිකයා 15 දක්වා රක්ෂිතයට

Friday, 02 February 2024 - 8:09 am

කටාර් රාජ්‍යයේ සිරගෙයක් තුළ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර නීති විරෝධී අන්දමින් වත්කම් උපයා රුපියල් කෝටි 08කට අධික වටිනාකමිකන් යුත් දේපළ සහ වත්කම් උපයාගත් බව කියන සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ලබන 15 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (01) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගාල්ල බටපොළ පදිංචි රොෂාන් චමින්ද නමැති ව්‍යාපාරිකයාය.

මෙම සැකකරු ඉකුත් 2013 වසරේ කටාර් රාජ්‍යයේ රැකියාවකට ගොස් සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් 2015 වසරේදී වරදකරු වී එරට බන්ධනාගාරයේ රඳවා තබා ඇති බවත් පසුව 2020 වර්ෂයේදී එරටින් පිටුවහල් කර ඇති බවත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

එම සැකකරු එරට සිරගතව සිටින කාලයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර මෙරට සිටින ඔහුගේ පවුලේ ඥාතීන්ට සහ හිතවතුන්ගේ බැංකු ගිණුම්වලට මෙම රුපියල් කෝටි අටකට අධික මුදල එවා ඇති අතර, එම මුදල්වලින් මෙරට දේපළ සහ වත්කම් උපයාගෙන ඇති බවත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සැකකරු 2020 වර්ෂයේ මෙරටට පිටුවහල් කිරීමෙන් පසු සැඟව සිටි අතර පෙරේදා (01) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවත්, ඔහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 125ක් වටිනා කැන්ටර් රථයක් සහ යතුරුපැදියක් අත්අඩංගුවට ගත් බවත් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධානාගරගත කර එදින තෙක් නඩුව කල් තැබීය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පෙලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ පොලිස් අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ මෙහෙයවිමෙන් සහකාර පොලිස් අධිකාරී රුවන් කාන්ත මහතාගේ මඟ පෙන්වීම මත එම කොට්ඨාසයේ විශේෂ ඒකක තුන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල චන්දන පියතුංග, පොලිස් සැරයන් (9036) මහින්ද, පොලිස් සැරයන් (4891) බණ්ඩාර, පොලිස් කොස්තාපල් (94477) වනසිංහ, පොලිස් කොස්තාපල් (26040) අධිකාරි, පොලිස් කොස්තාපල් (27383) නිවිතිගල, පොලිස් කොස්තාපල් (102077) ජයතුංග, (104580) තාරක, පොලිස් කොස්තාපල් (194750) සමරජීව සහ කාන්තා පොලිස් කොස්තාපල් (11538) ශකිලා යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT