Local

ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයකට පොලිසියෙන් වෙඩි

Saturday, 13 April 2024 - 10:31 am

කනංකේ දොලේලියද්ද ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලීසිය වෙඩිතබා තිබේ.

පොලීසිය පැවසුවේ, ගවයින් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයකට මෙලෙස වෙඩි තබා ඇති බවය.

(11) අලුයම 4.30ට පමණ කනංකේ රජමහා විහාරය අසල ප්‍රදේශයේදී ගවයෙක් ලොරි රථයකට පටවනු නිරීක්ෂණය කළ රාත්‍රී ජංගම සංචාරයේ නිරත වූ පොලිස් නිලධාරීන් පිරිසක් දොලේලියද්ද ප්‍රදේශයේදී එම ලොරි රථය නැවැත්වීම සඳහා නියෝග කර තිබේ.

කෙසේ වෙතත් ලොරි රථය නොනවත්වා ධාවනය කර ඇති අතර පොලිස් නිලධරීන් රථයට වෙඩි තබා තිබුණි.

එහිදී ලොරි රථයේ සිටි එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර තවත් දෙදෙනෙකු පළාගොස් තිබේ.

මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ ගින්තොට, මාපුගල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සියාම් නම් පුද්ගලයෙකි.

සැකකරු ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT