Local

කුඹුරු අක්කර 11,757ක් මහ වැස්සෙන් විනා­ශයි

Saturday, 11 November 2023 - 5:26 pm

යල කන්නයේ වගා කොට අස්වනු නෙළන්නට ආසන්නව තිබූ කුඹුරු අක්කර 11,757ක් දැනට මාස එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව නිසා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් විනාශයට පත් වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

වර්ෂාව නිසා සිදු වූ වගා හානි නිසා ගොවීන් 11,460කට බලපෑම් එල්ල වී තිබෙන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඒ හැරුණු කොට යල කන්නයේදී පැවති දැඩි නියඟය හේතුවෙන් කුඹුරු අක්කර 64,088ක වගා හානි වීම් වාර්තා වී ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ වාර්තා අනාවරණය කර ඇත.

නියඟය නිසා සිදු වූ වගා හානි සඳහා පළමුවෙන්ම වන්දි පිරිනැමීමට පියවර ගන්නා ලෙසත්. ඒ වන්දි මෙවසර තුළම ගෙවන ලෙසත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්.එම්.එම්.බී. වීරසේකර මහතාට උපදෙස් දී තිබේ.

මේ වන්දි පිරිනැමීම සඳහා රජයෙන් මුදල් ලැබීම ප්‍රමාද වුව හොත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණමණ්ඩලය සතු මුදල්වලින් හෝ එම වගා හානි වන්දි ගෙවීමට කටයුතු කරන ලෙසද ඇමැතිවරයා සභාපතිවරයාට දැනුම් දී ඇත.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT