Local

ආර්ථික වර්ධනයට අවශ්‍ය සෘජු විදෙස් ආයෝජන සඳහා පහසුකම් සැලසීම අපි කඩිනම් කරනවා - ජනපති

Thursday, 30 January 2025 - 2:21 pm

ආර්ථික වර්ධන වේගය අපේක්ෂා කරනවා නම් සෘජු විදේශ ආයෝජන සඳහා අවශ්‍ය පහසුකම් කඩිනමින් සැලසිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව ආයෝජන සම්බන්ධ ආයතනවල අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරින් සමඟ පසුගියදා සාකච්ඡාවක් පැවැත්වූ බවද, එහිදී ආයෝජනයක් කැඳවීම සඳහා ආයතන 82කින් අවසර ගත යුතු අත​ර ඒ සඳහා දැනට වසර දෙක හමාරකට වැඩි කාලයක් ගත වෙන බවට අනාවරණය වූ බවයි උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ආයෝජන ව්‍යාපෘතියක් සඳහා පරිසර ක්ෂේත්‍රයට අදාළව අවසර ගතයුතු ආයතන 11ක් ඇති අත​ර ඒ සඳහා දැනට දින 269ක කාලයක් ගත වන බවද, එය දින 82ක් දක්වා අඩු කිරීමට අපේක්ෂා කරන බවද, අනෙකුත් අවසර පත්‍ර ආයතන 8කින් ලබාගත යුතු අතර ඒ සඳහා දැනට දින 184ක කාලයක් ගතවන බවද, එය දින 102ක් දක්වා අඩු කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ව්‍යාපෘතියක් ඇගයීමට භාජනය කර තීරණයක් ලබා දීමට ආයෝජන මණ්ඩලය දැනට දින 80කට ආසන්න කාලයක් ගන්නා අතර, එයද සති දෙකක් වැනි කාලයකට අඩු කර ගැනීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT