Local

උපන් ගමන් බිලිඳිය ළිඳට දැමු 17 හැවිරිදි සිසුවිය රිමාන්ඩ්

Friday, 23 February 2024 - 11:07 am

පෙම් සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙස උපන් බිලිඳිය උපන් හැටියේම සිය ගෙවත්තේ පිහිටි ළිඳට දමා ඝාතනය කළ බව කියන 17 හැවිරිදි පාසල් සිසුවියක් වෙලගෙදර පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (21) අත්අඩංගුවට ගෙන ඇත. අඹකොටේ හැවැන්පොල පදිංචිකාරියක වන ඇය පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මාර්තු 06 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ බව පොලිසිය සඳහන් කළේය.මෙම සිසුවිය සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී විභාගය අසමත්වී ඇති බැවින් දෙවැනිවර පෙනී සිටීම සඳහා නැවතත් පාසල් යමින් සිටින්නියකි.

මෙම සිසුවිය ඇය පදිංචි ප්‍රදේශයේ පදිංචි ගරාජ් සේවකයකු වන 25 හැවිරිදි තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බව පොලිසිය කියයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය ගැබිනියක් බවට පත්ව තිබේ.

මේ ගැන ඇය පෙම්වතාට පවසා පසුව එය ගබ්සා වී ඇති බව කියා ඇත. ඇය අධ්‍ය්‍යාපනය ලබන පාසලේ ඇති පාසල් නිල ඇඳුම සිරුරට තද ඇඳුමක් නොවන බැවින් සහ නිවසේ දී පවා ඇය සැහැල්ලු ඇඳුමකින් සිටීම හේතුවෙන් පසුගිය මාස 10ක කාලය පුරාම ඇය ගැබිනියක් බව කිසිවෙකුටත් දැනගන්නට ලැබී නැත. ඇය සිය කුස තුළ වැඩුණු බිලිඳිය බිහිකර ඇත්තේ පසුගිය 12 වෙනිදා මධ්‍යම රාත්‍රීයේදීය. නිදන කාමරයේදී බිලිඳා ප්‍රසූත කළ ඇය එම බිලිදිය ගෙවත්තේ ඇති ළිඳට දමා ඇති බව පොලීසිය කියයි.

මෙම සිරුර ළිදේ පාවෙමින් තිබී ඇති බව පසුගිය 14 වෙනිදා දුටු සිසුවියගේ පියා ඒ බව පොලිසියට පැමිණිලිකර ඇත්තේ කිසියම් අයකු තමන්ගේ ගෙවත්තේ ඇති ළිඳට බිලිඳු සිරුරක් දමා ඇති බව කියමිනි.

එම සිරුර පොලිසිය පැමිණ ගොඩගැනීමේදී පෙනී ගොස් ඇත්තේ අලුත උපන් බිලිඳියක මෙසේ ළිඳට දමා ඇති බවය. පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ උපන් හැටියේම බිලිඳිය ළිඳට විසිකර ඇති බවත් මියගොස් ඇත්තේ දියේ ගිලීමකින් බවත්ය. විමර්ශනවලින් පොලිසියට පෙනී ගොස් ඇත්තේ මේ පවුලේ තරුණියන් තිදෙනකු සිටින බවය. ඒ දියණිවරුන් දෙදෙනකු සහ පුතෙකුගේ විවාහක බිරියය. ඒ අනුව පොලිසිය සිසුවියගේ පියාට දැනුම් දෙන්නේ පවුලේ දියණිවරුන් තිදනො මුලින්ම වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කිරීම වැදගත් බවය. ඊට තිදෙනාම එකඟවූ බැවින් රෝහල්ගත කර වෛද්‍ය පරීක්ෂණයකට සූදානම්කර ඇත. රෝහල්ගත කිරීමෙන් අනතුරුව සිසුවිය වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටීම ප්‍රතික්ෂේපකර තිබේ.

එහිදී ඇතිවූ සැකය මත මුලින්ම වෛද්‍ය පරීක්ෂණයට යොමුකර ඇත්තේ එම සිසුවිය බව පොලිසිය කියයි. බිලිඳා බිහිකර ඇත්තේ ඇය විසින් බව එහිදී හෙළිවී තිබේ. ඇගෙන් ඒ ගැන වෛද්‍යවරුන් මෙන්ම පොලිසිය ද ප්‍රශ්න කිරීමේදී සියල්ල පවසා ඇත. දරුගැබ ගබ්සා වූ බව සිය පෙම්වතාට පැවසූ බවද සිසුවිය පොලිසියට පවසා තිබේ. පෙම්වතාගෙන් ද පොලිසිය මේ ගැන ප්‍රශ්න කර ඇත. ඔහු ද පවසා ඇත්තේ දරුගැබ ගබ්සා වූ බව ඇය තමන්ට පැවසූ බවය. ඇයව විවාහකර ගැනීමට පවා ඔහු කැමැත්තෙන් සිටින බව පොලිසිය හමුවේ පවසා තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT