Local

පඩිය ලක්‍ෂයට වැඩි නම් බදු වාර්තා එවන්න.. අවසන් දිනය නොවැම්බර් 30…

Saturday, 19 October 2024 - 6:43 pm

වාර්ෂික ආදායම රුපියල් ලක්‍ෂ දොළහක් හෝ මාසික ආදායම රුපියල් ලක්ෂයකට වඩා වැඩි නම් ආදායම් බදු පනත අනුව ආදායම් බදු ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වාර්ෂික ආදායම හෝ ලාභය රුපියල් ලක්ෂ දොළහට අඩු නම් ආදායම් බදු ගෙවිය යුතු නැති වුවත් දැනටමත් ගෙවීම් පත්‍රිකා ලැබී ඇත්නම් ඒවා නොසලකා හරින ලෙසද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ බව දන්වමින් එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

සියලුම බදු ගෙවන්නන් වෙත කරනු ලබන දැනුම් දීමයි.

2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තා ඉදිරිපත් කිරීම

දේශීය ආදායම් හතට කරනු ලැබූ සංධන සහ 2023.05.31 දින නිකුත් කරන ලද අංක: 2334/21 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව දෙපාර්තමේන්තුව බදු ගෙවන්නා හැදින්වීමේ අංකය (TIN) සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීම සහ ආදායම් බදු සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස 2022/2023 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතුව තිබූ 333,313 ක පුද්ගල සංඛ්‍යාව 2023/2024 නක්සේරු වර්ෂය සඳහා 868,009 ක් ලෙස වර්ධනය වී ඇත.

ව්‍යාපාරිකයින්, වෘත්තීය වේදීන්, වත්කම් හිමි කරගත් පුද්ගලයන් වැනි පිරිස් පිළිබඳව වැඩි අවධානයක් යොමු කොට ආදායම් බදු සඳහා ලියාපදිංචිය ඒ අනුව පුලුල් කර ඇත. ලියාපදිංචි කරනු ලැබූ එම පුද්ගලයින් වෙන මාර්ගගත ක්‍රමය ඔස්සේ නම් ආදායම් වාර්තාව ඉදිරිපත් කළ යුතු බව හා ගෙවීමක් උද්ගන වුවහොත් භාවිතා කිරීම සඳහා ගෙවීම් පත්‍රිකාවක් ද මේ වන විට නැපැල් මඟින් යොමු කර ඇත.

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට අනුව මසකට රුපියල් 100,000 කට වැඩි හෝ වර්ෂයකට රුපියල් 1,200,000 කට වැඩි ආදායම් හෝ ලාභ උපයනු ලබන පුද්ගලයන් වාර්ෂිකව ආදායම් වාර්තාවක් ඉදිරිපත් කොට බදු ගෙවිය යුතුය. එහෙත් වාර්ෂික ආදායම හෝ ලාභය රුපියල් 1,200,000 ට වඩා අඩු ආදායම් ලබන පුද්ගලයන් ආදායම් බදු ගෙවිය යුතු නැති අතර, දැනටමත් ගෙවීම් පත්‍රිකා ලැබි ඇත්නම් ඒවා නොසලකා හැරිය හැකිය. එහෙත් තමාගේ ආදායම ප්‍රකාශිත වාර්තාවක් මාර්ගගත ක්‍රමය භාවිතා කරමින් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කල යුතුය.

ආදායම් බද්ද සඳහා දැනට ලියාපදිංචි කර ඇතත්, ව්‍යාපාර කටයුතු අවසන් කර තිබීම, ආදායම් මාර්ග නොමැති වීම වැනි සාධාරණ හේතුවක් මන බදු ගෙවීමට තරම් ආදායමක් හෝ ලාභයක් නොමැති නම් ඒ බව සනාථ කළ හැකි ලේඛඛ්‍යා සමඟ ළඟම පිහිටි දේශීය ආදායම් කාර්යාලය වෙත ඉල්ලීම් කිරීම මඟින් ආදායම් බදු සඳහා සිදු කර ඇති ලියාපදිංචිය අක්‍රිය කරගත හැකිය.

2024.11.30 වන දිනට ප්‍රථම මාර්ගගත ක්‍රමය යටතේ දෙපාර්ත මේන්තුව වෙන ඉදිරිපත් කළ යුතු වන 2023.04.01 දින සිට 2024.03.31 දින දක්වා එනම් 2023/2024 තක්සේරු වර්ෂයට නියමිත ආදායම් වාර්තාව යොමු කිරීමේ පහwe www.ird.gov.lk යන දේශීය ආදායම් වෙබ් අඩවියේ දැක්වෙන ඊ සේවාවට පිවිසීමෙන් ලබා ගත හැකිය.

යම් පුද්ගලයකුට ආදායම් වාර්තාව මාර්ගගන ක්‍රමය භාවිතයෙන් එවීමට අපහසුතාවයක් වේ නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ වෙනස්විම් කළමනා කරණ අංශයය. මධ්‍යම ලේඛන කළමනාකරණ අංශය හෝ බිම් මහලේ දී හෝ ඕනෑම ප්‍රාදේශීය හෝ නගර කාර්යාලයකට පැමිණ ඒ සදහා අවශ්‍ය සහය ලබා ගැනීමේ පහසුකම ද සලසා ඇත.


දේශීය ආදයම් කොමසාරිස් ජනරාල්


Top Stories
wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

මිනිස්සු බලාපොරොත්තු වන්නේ අලුත් පක්ෂයක්. මෙතෙක් කල් ආණ්ඩුව කරපු දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වෙලා නැහැ.

wedivistara

පොලිසියෙන් අතිවිශේෂ ගැසට්ටුවක්

wedivistara

ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනයෙන් පලතුරු, පල්ප හා ක්ෂණික පලතුරු බීම සැකසීමේ හා බෙදා හැරීමේ මධ්‍යස්ථානයක්

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT