International

Air India ජාත්‍යන්තර ගුවන් සේවා සියයට 15කින් අඩු කිරීමේ තීරණයක්

Thursday, 19 June 2025 - 11:07 am

ඉදිරි සති කිහිපය සඳහා ජාත්‍යන්තර ගුවන් සේවා සියයට 15කින් අඩු කිරීමට එයාර් ඉන්දියා සමාගම තීරණය කර තිබෙයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙන්නේ පුළුල් බද සහිත ගුවන් යානා සඳහා වන ජාත්‍යන්තර සේවා මෙලෙස අඩු කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව ජුලි මස මැද භාගය වන තෙක් ජාත්‍යන්තර ගුවන් සේවා අඩු කිරීමට පියවර ගන්නා බව එයාර් ඉන්දියා සමාගම පෙන්වා දෙයි.

ගුවන් මෙහෙයුම්වල ස්ථාවරත්වය තහවුරු කිරීම, කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ මගීන්ට ඇති වන අපහසුතා අවම කිරීම අරමුණු කරගනිමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

අඩුකරන ලද ගුවන් ගමන් කාලසටහන කඩිනමින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත අතර එහිදී මගීන්ට අමතර වියදමක් දැරීමට සිදුනොවන ආකාරයෙන් විකල්ප හඳුන්වාදීමට ද එයාර් ඉන්දියන් සමාගම පියවර ගෙන තිබෙයි.

පසුගිය 12 වනදා ඉන්දියාවේ අහමදාබාද් සිට ලන්ඩන් බලා ගමන් ආරම්භ කළ එයාර් ඉන්දියා ගුවන් යානය ගුවන් ගත වී තත්ත්පර කිහිපයක් තුළ කඩා වැටීමෙන් එම යානයේ මගීන් ඇතුළු 270කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්විය.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT