Local

බලය ගන්නයි රැකගන්නයි ජවිපෙ ඕනෑම ජඩ වැඩකට සූදානම් – ඇමැති ප්‍රසන්න රණතුංග

Monday, 04 March 2024 - 8:15 am

පොහොට්ටුව ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඔහු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා අති දක්ෂයකු විය යුතු බවත්, යම් හෙයකින් දුර්වල අපේක්ෂකයකු ඉදිරිපත් කළොත් තම පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට සිදු වන බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, ඇමැති ප්‍රසන්න රණතුංග පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ හිටපු පළාත් පාලන නියෝජිතයන් සමඟ උඩුගම්පොළ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“ජනාධිපතිධූරයට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් සුදුස්සකු පෙනෙනතෙක් මානයක නෑ. ශ්‍රී ලංකා පොදුජන පෙර⁣මුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් මම ඔහුට සහාය පළකරනවා. නමුත් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ. මම ඒක හොඳාකාරවම දන්නවා. නාමල් මල්ලීට මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න වෙලාව නෙවෙයි. එයාට තව කල් තියෙනවා. මම ඒක නාමල්ගේ මූණටත් කිව්වා. මොකද එයා ඉදිරිපත් වෙන්න ඕනේ සුදුසුම වෙලාවේදී.

රනිල් වික්‍රමසිංහට වඩා දුර්වල අපේක්ෂකයෙක් අපේ පක්ෂයෙන් දැම්මොත් මම මේ පක්ෂ සාමාජිකත්වයේ ඉන්නවාද නැද්ද කියලා එදාට තීරණය කරනවා. හැබැයි මම ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙනවා නම් ඒ ඉදිරිපත් වෙන්නේ පොහොට්ටුවෙන්. මට ඕනෑම දේශපාලන පක්ෂයකින් ඉල්ලලා දිනන්න පුළුවන්. ඒත් මම ඡන්දය ඉල්ලන්නේ පොහොට්ටුවෙන් විතරයි.

88/89 ලෙයින් තෙත්වු මිනීමරු ඉතිහාසය වෙනස් වුණා කියලා පෙන්නන්න තමයි ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබලවේගය කියලා නම වෙනස් කර ගත්තේ. නම වෙනස් වුණාට එයාලා වෙනස් වෙලා නෑ. සැබෑ අරගලකරුවන් අරගල කළේ පොදුජන ප්‍රශ්න විසඳන්න. ඔවුන් ගෙවල් ගිනි තිබ්බෙ නෑ. මිනිස්සු මැරුවේ නෑ. නමුත් අරගලයේදී ජවිපෙ හැසිරුණු විදිය බලන්න. ඒ හැසිරීම සැබෑ අරගලකරුවන්ට නින්දාවක්. මගේ ගේ ගිනි තියෙන එක මෙහෙයවපු මිනුවන්ගොඩ අරගලයට නායකත්වය දීපු අය ඊට පස්සේ මිනුවන්ගොඩ තිබුණු ජවිපෙ රැස්වීමේ මුලින්ම කතා කළා. ඉතින් කොහොමද කියන්නේ මේකට ජවිපෙ සම්බන්ධ නෑ කියලා.”


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT