Local

පසුගිය අරගල සමයේ තීරණාත්මක වගකිමක් ඉටුකළ කතානායකතුමාට ගෙනා විශ්වාසභංගයට එරෙහිව කෘතගුණයේ ඡන්දය දෙන්න මා ආවා

Thursday, 21 March 2024 - 8:33 am

ලෝක බැංකුව 2024 වර්ෂය වෙනුවෙන් සංවිධාන කළ ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීම සඳහා පසුගිය 17 වෙනිදා තමන් අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්ස විට තමා හමුවට පැමිණි එරට ශ්‍රී ලංකා තානාපතිවරයා, කථානායකවරයාට එරෙහිව පවතින විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය ලබා දීම සඳහා වහාම ආපසු ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ලෙස ජනාධිපතිතුමා විසින් දැනුම් දීමක් සිදු කර ඇතැයි පැවසීම හේතුවෙන් තමන් මෙසේ ආපසු පැමිණි බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කටුනායක ගුවන් තොටුපොළේ දී (20) පැවැසීය.

තමන් සහභාගී වීමට තිබූ සමුළුවට සහභාගී වීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වෙත බලතල පවරා මෙසේ තමන් ආපසු පැමිණි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානියා වන කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවත්, එතුමා පසුගිය අරගලය අවස්ථාවේදී තීරණාත්මක වගකීමක් ඉටු කළ පුද්ගලයකු බවත් අමාත්‍යවරයා එහි දී පැවැසීය. රට එම අවස්ථාවේ වෙනත් දිශානතියකට හා මහත් විනාශයකට යාමෙන් වළකා එතුමා දූරදර්ශීව රටත් පාර්ලිමේන්තුවත් බේරා ගැනීමට පරිනත දේශපාලනඥයකු වශයෙන්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉටු කළ සේවය අගය කර, කෘතවේදිත්වයේ ඡන්දය ලබා දීම සඳහා තමන් ඇතුළු රජයේ වගකීම වී ඇති බව ද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය .

ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන (20) පස්වරු 06.15ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT