Local

කෝටි පහක කේරළ ගංජා සමඟ අයෙක් දැලේ

Monday, 15 January 2024 - 9:21 am

කයිට්ස්, නයිනතිව් දූපතේ ජාවාරම් කිරීමට සූදානම් කර තිබූ කෝටි පහකට ආසන්න වටිනාකමින් යුතු කේරළ ගංජා සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (13) අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත කයිට්ස් පොලිස් වසමේ නයිනතිව් දූපතේ, සුදුවැලි මුහුදු තීරයේදී වැටලීමක් සිදු කර ඇත.
එහිදී කේරළ ගංජා කිලෝ 21යි ග්‍රෑම් 105ක් සන්තකයේ තබාගෙන අලෙවි කිරීමට සූදානම්ව සිටි නයිනතිව් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා කයිට්ස් පොලිස් ස්ථානයට භාරදී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. අත්අඩංගුවට ගත් මේ කේරළ ගංජාවල දළ වටිනාකම රුපියල් කෝටි පහක් පමණ වේ.
පොලිස් විශේෂ කාර්ය බළකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි, යාපනය කලාපය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, විශේෂ කාර්ය බළකාය මුලතිව් කඳවුරේ දෙවන අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක පී. එච්. ඩී. සී. කුමාරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වැටලීම සිදු කර තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT