Local

අපේක්‍ෂකයන් 37ම එක පැත්තක තබා නනිව විවාද කරන්න මා සූදානම්..

Saturday, 31 August 2024 - 7:08 pm

ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් තිස් හත් දෙනා එක පැත්තක තබා තමන් බණ්ඩාරනායක ප්‍රති පත්ති මත විවාදයකට සූදානම් බවත් එසේ විවාදයක් සඳහා සියලු අපේක්ෂකයින්ට අභියෝගයක් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

විජයදාස රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අත්තනගල්ල සංවිධායක කපිල කරුණාරත්න මහතා සංවිධාන කළ ජන රැලියක් 24 පස්වරුවේ වේයන්ගොඩ දඩගමුව ප්‍රදේශයේදී පැවැත්විණි.

එහිදී විජයදාස රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.
මැතිවරණ වියදම් නියාමන පනත අපි ඇති කළත් මැතිවරණ කොමිෂන් සභාව රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කළා කියා අප තව වතාවක් උසාවේ යනවා. ජනාධිපතිවරණයට කෝටි 186 ක් එක අපේක්ෂකයකුට වියදම් කරන්න අවසර දුන්නා. අපේක්ෂ කයින්ගේ වත්කම්වල පෙන්නන්නෙ ලක්ෂ දෙකයි තුනයි.
කොරෝනා කාලේ මිනිස්සු කන්න නැතුව මැරිල වැටෙද්දි මෙහෙම වියදම් කරන්න සල්ලි කොහෙද තිබුණේ. ජීවිතයට රස්සාවක් කරලා නැති මිනිස්සු කෝටි 186ක් වියදම් කරන්නේ කොහො- මද? මේ ඔක්කොම හොර සල්ලි, හොර- කම් කරපු කප්පං ගත්ත පාතාලයෙන් හම්බ කරපු ඒවා. අපේ රටේ කළු සල්ලි තියෙනකම් උගතෙකුට වැදගතෙකුට තරුණ තරුණියකුට පාර්ලිමේන්තුවට යන්න පුළුවන් කමක් නැහැ.
ඊළඟ පාර්ලිමේන්තුවේ 225න් 200ක්ම ගෙදර යවන්න පුළුවන්. දූෂණයෙන් තොර වංචාවෙන් තොර තරුණ තරුණියන් පිරිසකට අපි නායක- ත්වය දෙනවා. නිදහස් පක්ෂයේ දූෂිතයෝ දෙපැ- ත්තට ඛෙදුණා මම මැද තනිවුණා. මේක ඇතුළට කවදාවත් හොරෙකුට දූෂි – තයෙකුට පගාකාරයකුට දොර ඇරෙන්නෑ කියන එක මම කියනවා.


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT