Local

යෝජිත ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම පිහිටුවීමේ කටයුතු කඩිනම් කරනවා

Wednesday, 27 March 2024 - 8:40 am

  • කේ, ශ්‍රීපවන් කමිටුවේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව අමාත්‍යාංශයට – උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට ස්ථාපිත කිරීමට යෝජිත ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම වෙනුවෙන් හිටපු අගවිනිසුරු කේ, ශ්‍රීපවන්ගේ ප්‍රධානත්වයෙන් පත්කල කමිටුවේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව (26) දින අමාත්‍යාංශය වෙත ලබාදුන් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පැවසීය.

අදාළ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම පිහිටුවීම මෙම වසර තුළ සිදුකිරීමට හැකි බව ද රාජ්‍ය අමාත්‍යාවරයා සඳහන් කළේය.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

2021-2022 වර්ෂයන්ට අදාළව උසස් පෙළ සමත් වූ සිසුන් විශ්වවිද්‍යාල 17කට බඳවාගෙන තිබෙනවා. නමුත් එම වර්ෂයන්ට අදාළව නියමිත පරිදි ශිෂ්‍ය බඳවා ගැනීම් සිදුකර නොමැති බවට විවිධ වාර්තා පල වනවා. නමුත් ඒ වාර්තා සියල්ල අසත්‍ය බව තහවුරු කිරීමට අදාළ ලිපි ලේඛන මා සතුව පවතිනවා.

ඒ වගේම පසුගිය සමයේ පැවති යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නිසා ඇතැම් විශ්වවිද්‍යාලවල අවසන් වසර සිසුන් අධ්‍යයන කටයුතු නිසි කාලයට අවසන් කිරීමට නොහැකිව තවමත් විශ්වවිද්‍යාලවල රැදී සිටිනවා. දේශන සහ ප්‍රායෝගික අධ්‍යයනයන් සිදු කිරීමට අවශ්‍ය ශාලා පහසුකම් අවමවීම ද අපට බලපා ඇති තවත් ප්‍රශ්නයක් වනවා. නමුත් මෙම ගැටළු විසදාගැනීම වෙනුවෙන් අප විකල්ප කිහිපයක් තෝරා ගෙන තිබෙනවා. මහවැලියට අයත් ගොඩනැගිල්ලක් රත්මලාන ප්‍රදේශයෙන් සහ රජයට අයත් තවත් ගොඩනැගිලි කිහිපයක් කැළණිය ප්‍රදේශයෙන් අපට ලැබී තිබෙනවා. එම ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කළ වහාම මෙම ගැටළුවලට විසඳුම් ලැබෙන බවට අප විශ්වාස කරනවා.

තවද විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් තිබෙනවා. ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට ස්ථාපිත කිරීමට යෝජිත ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම පිළිබඳවයි. මේ සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු කේ, ශ්‍රීපවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කල කමිටුවේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව (26) දින අමාත්‍යාංශය වෙත ලබාදුන්නා.

එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම පිහිටුවීම මෙම වසර තුළ සිදුකිරීමට හැකි වන බව මා විශ්වාස කරනවා. එය මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ පරිවර්තනයක් ඇති කිරීම වෙනුවෙන් අත්‍යාවශ්‍ය ආයතනයක් බව පැවසිය යුතුයි.


Top Stories
wedivistara

සෙවණගල සීනි කර්මාන්තශාලාව ගැන රජයෙන් දුන් සහතිකය

wedivistara

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 10,000ක් පීඩාවට

wedivistara

වසර දෙකකට පසු පොසොන් උත්සවය සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය

wedivistara

දේශීය ඖෂධ නිෂ්පාදනය දිරිගැන්වීමට රජයෙන් සහය

wedivistara

කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී 04 දෙනෙකු රෝහලේ

wedivistara

මිලියන 167,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT