විපක්ෂය මර්දනය කර ප්රශ්න විසඳීමට සිතනවා නම් එය කිරීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඒ අනුව තම රජයන්ද එවැනි ලෙස සිතූ කාලයක් තිබූ බවත් එම ආණ්ඩු පරාජයට පත්වීමට හේතු වූයේද එය බවයි අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්රීවරයා සඳහන් කළේ.
Clean Sri Lanka වැඩසටහන සම්බන්ධයෙන් රජයේ මැති ඇමතිවරුන් නිවැරදි ලෙස දැනුවත් කරන ලෙස අගමැතිවරියගෙන් ඉල්ලා සිටින බවද මන්ත්රීවරයා සඳහන් කළා.
Clean Sri Lanka වැඩසටහන සිදු කිරීමට පෙර ආණ්ඩුවේ මන්ත්රීවරුන්ගේ ඔලුගෙඩි ටික පිරිසිදු කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්රකාශ කළා.