Local

හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය

Tuesday, 25 June 2024 - 2:22 pm

හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කළමනාකාරිත්වය යටතේ මෙහෙයවනු ලබන හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව එම ගුවන්තොටුපොළ සඳහා ප්‍රධාන සැලැස්ම සකස් කිරීම සහ ඊට අදාල අනෙකුත් කාර්යයන් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය, සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම සහ මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතනවල නියෝජිතයින්ගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා.

එම කමිටුවේ නිර්දේශ පරිදි හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ අංග සම්පූර්ණ ගුවන්තොටුපොළක් වශයෙන් සංවර්ධනය කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපති සහ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්. 

news images


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT