Local

“යුක්තිය” මෙහෙයුම මාතලේ දී ඇගයීමට

Monday, 19 February 2024 - 12:49 pm

මාතලේ දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේගේ සහ මාතලේ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පසුගියදා (15) පැවැත්විය.

එහිදී මාතලේ දිස්ත්‍රීක්කය තුල ක්‍රියාවට නැංවීමට නියමිත සංවර්ධන කටයුතු, වර්තමානය වන විට මාතලේ දිස්ත්‍රික්කය තුල පැන නැගී ඇති ගැටලු ඇතුලු කරුණූ රැසක් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා විය. මෙහිදී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සහභාගීත්වයෙන් “කඳුකර දශකය” දස අවුරුදු බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහන මාතලේ දිස්ත්‍රීක්කය වෙත හඳුන්වාදීමේ වැඩසටහන ද පැවති අතර, එහිදී එම වැඩසටහන මාතලේ දිස්ත්‍රීක්කයට වඩාත් කාර්යක්ෂම අයුරින් යොදා ගනිමින් සම්බන්ධයෙන් ද කමිටුවේ අවධානය යොමු විය.

මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් මාතලේ මහ නගර සභා සීමාව තුල පවතින අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් ද පළ වු මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කමිටුවේ අවධානය යොමු කරවීමට කටයුතු කළ අතර, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාතලේ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා සදහන් කර සිටියේ, මාධ්‍ය විසින් ඒක පාර්ශවීය තොරතුරු පදනම් කරගනිමින් ප්‍රවෘත්ති වාර්තා කිරීමක් සිදු ව ඇති බවත්, නීතීය නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට මාතලේ මහ නගර සභාව කටයුතු කරනු ලබන බවය. මෙහිදී මාතලේ දිස්ත්‍රීක්කයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් වන සාකච්ඡාවේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් “යුක්තිය” විශේෂ මෙහෙයුම මාතලේ දිස්ත්‍රික්කය තුල අත්කරගෙන ඇති ප්‍රතිඵල විමසමින් මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සදහා ප්‍රමුඛ අවධානයක් යොමුකරමින් දිවා රාත්‍රී වෙහෙසෙමින් සමාජය වඩා යහපත් කිරීම උදෙසා සිදුකරනු ලබන එම මෙහෙයුම් අගය කිරීමට ද කටයුතු කළේය.

මෙම සම්බන්ධීකරණ කමිටු රැස්වීම සදහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ක්‍රීඩා කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානයක, මාතලේ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න යන මහජන නියෝජිතයින් ද , පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මාතලේ දිස්ත්‍රීක් ලේකම් තේජානි තිලකරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , පළාත් අමාත්‍යාංශ ‍ලේකම්වරුන් ඇතුළු පළාත් සහ රේඛීය අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන වල නියෝජිතයින් පිරිසක් ද සහභාගී විය.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT