Local

තීරු බදු රහිතව ගෙන්වූ ජංගම දුරකතන තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Thursday, 04 January 2024 - 2:33 pm

තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද ජංගම දුරකථන තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (03) උදෑසන පෑලියගොඩ පොලිස් වසමේ මීගමුව - කොළඹ මාර්ගයේදී හදිසි මාර්ග බාධකයක් යොදා වාහන පරීක්ෂා කළ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සැක සහිත වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී මෙම දුරකථන තොගය හමුවූ බවයි සඳහන් වන්නේ.

භාවිත නොකරන ලද ජංගම දුරකතන 246 ක් සහ විදෙස් රටවල භාවිත කළ ජංගම දුරකථන 77 ක් මෙහිදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා සහ වෑන් රථය අත්අඩංගුවට ගෙන පෑලියගොඩ පොලීසියට ඉදිරිපත් කර ඇති අතර, මෙම සැකකරුවන් කොළඹ 12 සහ වත්තල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 21 සහ 43 වයසෙහි පසුවන අය බවයි වාර්තා වන්නේ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT