Local

ජයමංගල ගාථා නොකිවු නිසා රටට සාපයක් වැදිලා..

Monday, 02 December 2024 - 9:43 pm

නව පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදී ජය මංගල ගාථා නොකියූ නිසා රටට සාපයක් වැදී ඇත්දැයි සිතන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

“ගංවතුර තත්ත්වය හේතුවෙන් රටේ අක්කර තුන් ලක්ෂ අසූදහසකට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යටවෙලා තිබෙනවා. ගං වතුරෙන් හානියට පත් මෙම ඉඩම් සඳහා වන්දි ලබාදෙන්න රජය රුපියල් බිලියනයක් වෙන්කරලා තිබෙනවා. කෙසේ නමුත් මේ අනුව එක අක්කරයකට ලැබෙන්නේ රුපියල් 2600 ක් වගේ සුලු මුදලක්. ඒ අනුව හානියට පත් ඉඩම් වෙනුවෙන් රුපියල් බිලියනයක් ප්‍රමාණවත් වෙන්නේ නෑ.

අවම රුපියල් බිලියන 20 ක්වත් රජය මේ සඳහා වෙන් කළ යුතුයි. ගොවින්ට කුඹුර නැවත යථා තත්ත්වයට පත් කරගන්න විශාල මුදලක් වැය වෙනවා. ඒ වගේම වැව් , අමුණු , හානියට පත්වෙලා තිබෙනවා. ඒවා නැවත පිලිසකර කළ යුතුයි. ඒ නිසා මේ මුදල කිසිසේත් ප්‍රමාණවත් නෑ. කිසිදු තක්සේරුවකින් තොරව තමයි රජය මේ රුපියල් බිලියනයක් වෙන් කරලා තිබෙන්නේ.

ආණ්ඩුව ප්‍රකාශ කළා හානියට පත්වුණ කුඹුරුවලට රුපියල් 40,000 ක වන්දියක් ගෙවනවා කියලා. ඒ රුපියල් 40,000 ත් ප්‍රමාණවත් නැති බව ආදිවාසි නායක වන්නිල ඇත්තන් ප්‍රකාශ කරලා තිබෙනවා. කුඹුරක් සී සාන්නවත් ඒ මුදල ප්‍රමාණවත් නැති බව වන්නිල ඇත්තන් ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ රුපියල් 40,000 න් මොනවාද කරන්න පුලුවන් කියලා කුඹුරුට බැහැලා හොයලා බලන්න කියලා නාමල් කරුණාරත්න නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් අපි ඉල්ලා සිටිනවා. මේ ආකාරයට කෘෂිකර්ම ඇමැතිලා , කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැතිලා ගැන අපිට කණගාටුයි. එදා කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න ගොවින් සමග එකතුවෙලා උද්ඝෝෂණ කළා , විරෝධතා සිදුකළා. නමුත් අද නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න ගොවින්ගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටිම අමතක කරලා තිබෙනවා. නිසි තක්සේරුවන් සිදුකරලා ගොවින්ට අවශ්‍ය වන්දි ලබාදෙන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම ගං වතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසිම සඳහා රජයේ දායකත්වය ප්‍රමාණවත් නැහැ. රටේ සිදුවුණ අපදා අවස්ථාවන් කළමනාකරණය කරන්න දායක වුණේ රජයේ නිලධාරින් පමණයි. අපදාවන්ට සහන සැලසිමේදී රටේ දේශපාලන මැදිහත්වීම අවම මට්ටමක පැවැති බව තමයි වාර්තා වෙන්නේ.

රටේ අපදාවක් සිදුවු අවස්ථාවලදී පෙර පැවැති රජයවල්වල දායකත්වය ඉහළින් ලැබුණා. ජනාධිපතිවරයා , අගමැතිවරයාගේ සහ මැති ඇමැතිවරුන්ගේ දායකත්වය ලැබුණා. නමුත් මේවර දේශපාලන දායකත්වයකින් තොරව රාජ්‍ය නිලධාරින්ගේ දායකත්වයෙන් තමයි මේ අපදා තත්ත්වය කළමනාකරණය කරගන්න හැකිවෙලා තිබෙන්නේ. අද්දැකිම් නැති ආණ්ඩුවට අපදා තත්ත්වයකදී රටේ තත්ත්වය කළමනාකරණය කරගැනිමට නොහැකි ආණ්ඩුවක් ඉදිරියේදී රටේ ජනතාව කළමනාකරණය කරගන්නේ කෙසේ ද කියන ප්‍රශ්නය මතුවෙනවා”


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT