රට පුරා බොහෝ ප්‍රදේශයන්හි සහල් මිල ඉහළ නැග ඇති බවට පාරිභෝගිකයන් චෝදනා එල්ල කරති.
මහ පරිමාණ සහල් මෝල් හිමියන් සිය මිල ගණන් ඉහළ දැමීම මත කුඩා පරිමාණ හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ද සහල් මිල ඉහළ දැමීමත් සමග සහල් මිල ඉහළ ගොස් තිබේ.
ඇතැම් ප්‍රදේශයන්හි කීරි සම්බා හැර අනෙක් සහල් වර්ගවල හිගයක්ද පවතී.
අද වන විට කැකුළු සහල් කිලෝවක් අලෙවි කිරීමෙන් ඇත්තේ රුපියල් 210-230 අතර මිල ගණන් වලටයි.
වෙළඳ සැල් හිමියන් පවසන්නේ සහල් වෙළඳුන් තමන්ට ලබාදෙන මිලට සුළු ලාභයක් පමණක් තබාගෙන සහල් අලෙවි කරමින් ඇති බවයි.