Local

පාඩු ලැබූ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව වසර එක හමාරකින් ලාබ ලබන තත්ත්වයට ගෙනාවා

Wednesday, 24 January 2024 - 8:18 am

ප්‍රතිව්‍යුහගත කිරීමේ ලැයිස්තුවේ තිබූ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව වසර එකහමාරක් තුළදී ලාභ ලබන රජයේ ආයතනයක් බවට පත් කිරීමට හැකි වූ බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

වසර එක හමාරක් වැනි ඉතා කෙටි කලක් තුළ රුපියල් මිලියන දෙදහසක ලාභයක් උපයන ලාභදායී මට්ටමට මෙම සංස්ථාව වර්ධනය කිරීමට හැකි වූ බව ද ඇමැතිවරයා පැවසුවේය.
රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ පැවැති උත්සවයකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පසුගියදා ප්‍රකාශ කළේය.

මෙම සංස්ථාව සේවක ප්‍රසාද දීමනා ගෙවමින් කාරක ප්‍රාග්ධනය තමන් විසින්ම ගොඩනඟා ගන්නා මට්ටමට වර්තමානයේ වර්ධනය වී ඇති බවත් ඉහළ කළමනාකාරීත්වයේ යම් යම් වෙනස්කම් කිහිපයක් සිදු කරමින් වගකීම් නිසියාකාරව පැවරීම තුළින් ඉතා පහසුවෙන් මේ තත්ත්වය අත්පත් කර ගත හැකි වූ බවත් ඇමැතිවරයා පැවසුවේය.

පාසල් පෙළ පොත් මුද්‍රණය කර නිසි කලට දරුවන් අතට පත් කීරීමේ ගැටලු‍ නිරාකරණය කර ගැනීමටත් ඒවා මුද්‍රණයට භාර දී අවශ්‍ය සහයෝගය ලබාදීමට මැදිහත් වීම තුළ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මෙවැනි සාධනීය මට්ටමක් දක්වා වර්ධනය කිරීමටත් හැකි වූ බව ද ඇමැතිවරයා පැවසුවේය.

රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ මෙම ප්‍රවණතාව තවදුරටත් වර්ධනය කරමින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව නව තරගකාරී ආයෝජන වෙත ප්‍රවිෂ්ට විය යුතු බව ද ඇමැතිවරයා කීය.

ආයතනය කෙටි කලක් තුළ මෙම සාධනීය මට්ටම දක්වා වර්ධනය කිරීමට වගකීම් උසුලමින් දායක වූ ප්‍රසාදලාභී සේවක මඬුල්ල ඇගැයීමට ලක් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT