Local

ආනයනික බදු සමග වාහන මිල ඉහලට.. ලක්‍ෂ 40 වාහනය කෝටියයි..

Friday, 06 December 2024 - 10:36 pm

ආනයනික වාහනවල මිල ගණන් ඉහළ යනු ඇතැයි වාහන ආනයනකරුවෝ කියා සිටිති. වාහන ආනයනයේදී අය කරන බදු සමග වාහන මිල ඉහළ යන බවද ඔවුහු පවසති.

වාහන ආනයනයේදී අය කරන බදු ඉහළ යන බවට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග කරන ලද සාකච්ඡාවලදී තොරතුරු අනාවරණයවී ඇතැයිද වාහන ආනයනකරුවෝ පවසති.

ලබන වසරේ (2025) සිට වාහන ආනයනය සඳහා අවස්ථාව ලබාදීමට සැලසුම් කර තිබෙන බවට රජය ප්‍රකාශ කිරීමත් සමග මෙරට ප්‍රධාන පෙළේ වාහන ආනයන සමාගම් විසින් මේ දිනවල පුවත්පත් දැන්වීම් පළ කිරීමද ඉහළ ගොස් තිබේ.

මෙම දැන්වීම් හේතුවෙන් වෙළෙඳපොළේ භාවිත කරන ලද වාහන අලෙවිය සහ ඒවායෙහි මිල ගණන්ද පහත වැටී ඇතැයි තොරතුරු අනාවරණය වේ.

ඊට හේතුවී ඇත්තේ භාවිත කරන ලද වාහනවල මිලටත් වඩා අඩු මිලකට අලුතින් ආනයනය කරන වාහන අලෙවි කරන බව එම දැන්වීම්වල සඳහන්කර තිබීම හේතුවෙනි.

කෙසේ නමුත්, මෙම පුවත්පත් දැන්වීම්වල පළකර තිබෙන මිල ගණන්වලට වාහන මිලදී ගැනීමට නොහැකි වනු ඇතැයිද ආනයනකරුවෝ කියා සිටිති. ඊට හේතුව වාහන ආනයන බදු ඉහළ යාම නිසා බවද ඔවුහු පවසති.

මේ අනුව, රුපියල් ලක්ෂ 80ත් 100 ත් අතර මිලකට අලෙවි කෙරුණු ටොයෝටා RAIZE මෝටර් රථයක් රුපියල් ලක්ෂ 170ක් පමණද, රුපියල් ලක්ෂ 40ත් 50ත් අතර මිලකට අලෙවි කෙරුණු AQVA මෝටර් රථයක් රුපියල් ලක්ෂ 100ක් පමණද වනු ඇතැයි ආනයනකරුවෝ කියා සිටිති.

BEZZA මෝටර් රථයක් ඉකුත් 2020 වසරට පෙර අලෙවි කෙරුණේ රුපියල් ලක්ෂ 30 ක පමණ මිලකටය. එහි නව මිල රුපියල් ලක්ෂ 75 ද ඉක්මවා ගොස් තිබේ.

එමෙන්ම, එන්ජින් ධාරිතාවය 1500cc වැඩි මෝටර් රථවල මිල රුපියල් ලක්ෂ 150ක් හෝ ඊට වැඩිවීමට නියමිත බව පැවසේ.

කඩිනමින් වාහන ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස රජයට ඉල්ලීම් රැසක් ඉදිරිපත් කර ඇතැයිද වාහන ආනයනකරුවෝ සඳහන් කරති.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT