Local

මැදවච්චියේ ජනතාවට නිවසේ සිට බදු ගෙවන්න නව ක්‍රමයක්

Sunday, 17 March 2024 - 4:41 pm

මාර්ගගත ක්‍රමවේදයන් (online payment) යටතේ නිවසේ සිටම තම බල ප්‍රදේශයේ සේවා ලභීන් හට සේවාවන් ලබා ගැනීමේ නව වැඩ සටහනක් මැදවච්චිය ප්‍රාදේශිය සභාව විසින් හදුන්වා කටයුතු කළේය.

ඒ අනුව මැදවච්චියේ වෙසෙන 55000 ට ආසන්න ජනතාවක් සඳහා අන්තර්ජාල පහසුකම් ඔස්සේ දුරකථනය මගින් සියලුම බදු මුදල් ගෙවීමේ හැකියාව ඇත.

මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ ලේකම් චන්දිමා සේමසිංහ මහත්මියගේ පූර්ණ උපදෙස් පරිදි මැදවච්චිය ප්‍රාදේශිය සභාව විසින් මෙය සංවිධානය කර තිබුණි.

වයඹ සංවර්ධන අධිකාරිය මගින් (CAT 2020) ව්‍යාපෘතිය යටතේ ප්‍රථම වතාවට අනුරාධපුර දිස්ත්‍රිකයේ පළාත් පාලන ආයතන මුල් කරගනිමින් මෙම වැඩසටහන මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ ක්‍රියාත්මක කළේය.

මේ තුළින් සේවා ලාබීන් හට නගරයක් තුල සහ ආයතනය තුල අනවසර ගැවසීම, අමතර මුදල් වියදම් වීම, අමතර ඉන්ධන වියදම සහ නිකරුණේ කාලයක් වෙන් වීම නවතා දැමෙන අතර මාර්ග අනතුරු සිදුවීම් ද අවම කර ගරගත හැකි බව ඒ පිළිබඳ පැහැදිලි කරමින් මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ ලේකම් චන්දිමා සේමසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.

මෙම අවස්ථාව සඳහා පළාත් පලන නියෝජිතයින්, වයඹ සංවර්ධන අධිකාරියේ නිලධාරින් , ලංකා බැංකුව ඇතුලු සියලුම මැදවච්චිය බැංකු කළමණාකරුවන් මෙන්ම ව්‍යාපාර ප්‍රජාව සහ හිටපු මහජනනියෝජිතයින් රැසක් සහභාගි වූහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT